Tuesday, July 9, 2019

මාතෘකාව තෝරා ගැනීමට  හේතු

මෙය සිංහල විශේෂවේදී අවසන් වසර සඳහා නියමිත ස්වාධීන අධ්‍යයනයට සද්ධර්මරත්නාවලියෙන් නිරූපිත මානව සබඳතා යන මැයෙන් ඉදිරිපත් කෙරෙන පර්යේෂණාත්මක නිබන්ධයයි. සද්ධර්මරත්නාවලියෙන් නිරූපණය වන මානව සබඳතා හඳුනා ගැනීම හා යෝජනා ඉදිරිපත් කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. 

සද්ධර්මරත්නාවලිය යන ග්‍රන්ථ නාමය ඇසූ පමණින් ඒය ෙපාදු ජන රුචිය වඩවන ධර්ම ග්‍රන්ථයක් ලෙස සැලකීම නිවැරදි ය. සමකාලීන ධර්ම ග්‍රන්ථයන් හා සැසදීෙම් දී අනෙක් ග්‍රන්ථ වලට සාපේක්ෂව සද්ධර්මරත්නාවලිය පොදු ජන පාඨකයාගේ රුචිය වඩවන ධර්ම ග්‍රන්ථයකි. ඒලෙස පොදු ජන රුචිය ඇති කරන්නේ කෙසේ ද? ඒ සඳහා යොදා භාෂා උපක්‍රම මොනවා ද? ඒවා කොතෙක් දුරට සාර්ථක ද? යන්න සොයා බැලීම බොහෝ විද්වතුන් විසින් සිදු කර ඇත. සද්ධර්මරත්නාවලියෙහි ධර්ම රසය හා සාහිත්‍ය රසය පිළිබඳ කරුණු සොයා ඇති පොතපත ලිපි ලේඛන කොතෙකුත් හමු වී ඇත. ඒහෙත් සද්ධර්මරත්නාවලිය කිය වූ ඇසූ හෝ අධ්‍යයනයක නිරත වු කිසිවෙකුගේ මනා පර්යේෂණයකට ඉන් පිළිබිඹු වන මානව සබදතා හසු වී නැති බව පෙනුණි.

ඇතැම් වියතුන් සද්ධර්මරත්නාවලියෙහි පොදු සොයා බැලිම් වන කර්තෘ, කාලය ආදිය සොයා බැලීමේ දී තත්කාලීන සමාජ තත්ත්වය පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කොට ඇතත් සෘජුවම සද්ධර්මරත්නාවලියෙන් පිළිබිඹු වන මානව සබඳතා කෙරෙහි අවධානය යොමු කොට නැත.

මේ අනුව මේ අඬුව හැකි පමණින් පූරණය කිරිම සඳහා පර්යේෂකයන්ගේ අවධානය ඒ දෙසට යොමු කරලීම සඳහාත් මේ නිබන්ධන මාතෘකාව තෝරා ගනිමින් ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරිමට අදහස් කෙළමි. මේ මඟින් සද්ධර්මරත්නාවලියේ නිරූපණය වන මානව සබඳතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණාත්මක තොරතුරු රාශියක් ඉදිරිපත් කිරිමට මම බලාෙපාෙරාත්තු වන්නෙමි.

No comments:

Post a Comment