Sunday, July 14, 2019

පූර්ව සාහිත්‍ය විමර්ශනය

සද්ධර්මරත්නාවලියෙන් ‌හෙළිවන මානව සබඳතා පිළිබඳව අධ්‍යයනය කිරිමේ දී ඊට අදාළව පවතින සාහිත්‍යමය මූලාශ්‍රයන් අධ්‍යයනය කිරිම ඉතා වැදගත් ‌වේ. ඒ් අනුව සද්ධර්මරත්නාවලිය මූලාශ්‍ර කර ගනිමින් සිදු කළ අධ්‍යයනයන් මීට අදාළ ‌වේ. 

කැළණිය විශ්ව විද්‍යාලයේ, සමාජ විද්‍යා පීඨයේ, ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අමාලි උත්පලා නන්දසිරි 2012 වසරේ සිය ස්වාධින අධ්‍යයන නිබන්ධය සඳහා සද්ධර්මරත්නාවලිය ‌තෝරා ‌ගෙන ඇත. සාර්ථක සන්නිවේදනයක් උදෙසා චිරන්තන සිංහල ගද්‍ය සාහිත්‍යයෙන් පිළිබිඹු ‌කෙරෙන සන්නිවේදන ශක්‍යතා විමසා බැලීම ‌මෙම පර්යේෂණ‌ය මඟින් සිදු කර ඇත. ලාං‌කේය චිරන්තන ගද්‍ය සාහිත්‍ය ‌මෙම අධ්‍යයනයෙහි පර්යේෂණ ක්ෂේත්‍රයයි. දඹදෙණි යුගයට අයත් සද්ධර්මරත්නාවලී ගද්‍ය ග්‍රන්ථයට විශේෂිතව පර්යේෂණය සිදු ‌කෙරිණි.

චිරන්තන ගද්‍ය සාහිත්‍ය මඟින් නිර්මාණශිලි සන්නිවේදන ශක්‍යතා පිළිබිඹු කරන බව අධ්‍යයනයෙන් අනාවරණය විය. එහි දී සාහිත්‍ය නිර්මාණය සඳහා මූලික පදනම වී ඇත්තේ ආගමික චින්තනයයි. සමකාලීන සමාජ පසුබිමට අනුරූපව, ග්‍රාහක විඤ්ඤාණය අවබෝධ කරගත් කතා කලාවක් හා භාෂා ක්‍රමවේදයක් ගද්‍ය කෘති තුළ භාවිතා කර ඇති බව අධ්‍යයනයෙන් පැහැදිලි ‌වේ. සමාජ පසුබිම අනුරූපව සිදු කළ නිර්මාණාත්මක භාෂා භාවිතයේ සාර්ථකත්වය ‌හේතුවෙන්  ‌මෙම ගද්‍ය කෘතිය ග්‍රාහක විචාරශිලිත්වය අවධි කරන සන්නිවේදන මාධ්‍යයකි. 

ආර්.පී.එස්. නුවන්ති විසින් සිය ස්වාධින අධ්‍යයන නිබන්ධය සඳහා සද්ධර්මරත්නාවලියේ කතා රීතිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කර ඇත. ‌මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ‌ලෙස හඳුනා ගැනීමට හැකි වුයේ ධර්මසේන හිමියන් ‌පොදු ජනයා විෂය ‌කොට ‌ගෙන ගැමි වහර මැනවින් භාවිතා කරමින් කතා රීතිය සකස් කර ‌ගෙන ඇති බවයි. තව ද ‌දේශිය රීතිය ගුරු ‌කොට ගත් වර්ණනාත්මක භාෂාවක් ‌යොදා ගැනීමත් කැපී ‌‌‌පෙනෙයි.‌ මෙහි දී අනාවරණය කරගත් තවත් කරුණක් වන්නේ අමාවතුරේ සංක්ෂිප්ත රීතියත් බුත්සරණේ දැක්වෙන වර්ණනාත්මක රීතියත් පසෙකලා ධර්මසේන හිමියන් තමන්ට අනන්‍ය වු ස්වාධින කතා රීතියක් ‌ගොඩ නගා ‌ගෙන ඇති බවයි. 

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ, (කම්කරු සබඳතා සහ මිනිස් බල අමාත්‍යාංශය) ඒ්. එම්.එන්. ‌හේමකුමාරි මහත්මිය ඵලදායිතාව හා 5එස් සංකල්පය ‌දේශිය සාහිත්‍යයෙන් විවරණය වන අයුරු (ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්මරත්නාවලිය ඇසුරින්) පිළිබඳ පර්යේෂණයක් කර ඇත. ඒ මඟින් ඵලදායි ජීවිතයකට මං‌පෙත් විදේශිය ආභාසයෙන් පමණක් ‌නොව ‌දේශිය සාහිත්‍යයෙන් ද විවර කර ගත හැකි බැව් පැහැදිලිව ‌පෙනෙන කරුණකි. 

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ 2011 වසරේ ස්වාධින අධ්‍යයන නිබන්ධයක් සඳහා සද්ධර්මරත්නාවලියේ පුන්‍ය-පාප සංකල්පය පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඇත. 

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ 2010 වසරේ ස්වාධින අධ්‍යයන නිබන්ධයක් සඳහා සද්ධර්මරත්නාවලි‌යෙන් පිළිබිඹු වන තත්කාලීන ජීවනෝපායන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඇත. දඹදෙනි යුගයේ ජනතාවගේ ජීවන වෘත්තීන් කවරේ ද යන්න හඳුනා ගැනීම ‌මෙහි අරමුණ ‌වේ.

මීට අමරතව සද්ධර්මරත්නාවලිය මූලාශ්‍ර කර ගනිමින් ලියැවී ඇති ග්‍රන්ථ, සඟරා ලිපි, පුවපත් ලිපි ආදිය ‌බොහෝය. ඒ් පිළිබඳ ඉදිරියේ දී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු ‌වෙමි.

No comments:

Post a Comment