දඹදෙණි යුගය
සිංහල සාහිත්‍යයේ ආරම්භය අවුරුදු දේ
දෙදහසකට වඩා පැරණි ඉතිහාසයකින් යුක්තව
පවතී. ඒ දීර්ඝ කාලය යුග
වශයෙන් ගත් කල ප්‍රධාන යුග තුනකි.
- පුරුරාතන යුගය
- මධ්‍යතන යුගය
- නූතන යුගය
මෙම යුගයය රාජධානි ව වශයෙන් ගත්කල අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, ගම්පොල ජයවර්ධනපුර
කෝට්ටේ, සීතාවක, සෙංකඩගල හෙවත් මහනුවර
හා කොළඹ ලෙස වර්ග කළ හැකිය. එහිදී අනුරාධපුර කාලය පුරාතන යුගයට ද, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සීතාවක හා මහනුවර
පූර්ව භාගය වූ සෙංකඩගල කාලය මධ්‍යතන යුගයට ද, මහනුවර පශ්චිම භාගය
හා කොළඹ කාලය නූතන යුගයට ද, ඇතුළත් වේ. ඒ අතරින් මධ්‍යතන
යුගයට අයත් දඹදෙණි කාලයේ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරේ.
දඹදෙණි කාලය (ක්‍රි.ව.1200 - 1283)
රජවරු:
- තුන්වන විජයබාහු (ක්‍රි.ව.1220 - 1224)
- දෙවන පරාක් පරාක්‍රමබාහු (ක්‍රි.ව.1225 – 1269)
- හතරවන විජයබාහු (ක්‍රි.ව. 1270 – 1272)
- පලවන බුවනෙක බාහු (ක්‍රි.ව. 1272 – 1283)
මහා පැරකුම්බා රජු (ක්‍රිස්තු වර්ෂ 1153 – 1186) ගොඩ ගොඩනැඟූ
පොළොන්නරු රාජධානියේ ශ්‍රී විභූතිය ඒ රජුත් සමඟ අතුරුදහන් වන්නට පටන් ගත්තේ ය. ඊට
හේතු වූ ප්‍රධාන කරුණ බහු නායකත්වයට ඉඩ ලැබී යෑමයි. එහෙයින් රජකමට හිමිකම ඇතිව
සිටි නායකයෝ පොර කන්නට පටන් ගත්හ. රට ඇතුළේ කලබල වැඩිවී සමගි සම්පන්නකම මුළුමනින්ම නැතිවී ගොස් පරසතුරන්ට නැවත වරක් රාජ්‍ය අත්කර ගැනීමට ඉඩකඩ පෑදී ආවේය.
එහි විපාක වශයෙන් මහ පැරකුම්බා රජය නැතිවී වැඩි කලක් ඉක්මනට පළමු ද්‍රවිඩයෝ ලංකා
රාජ්‍ය අල්ලා අල්ලා ගත්හ. පුරා විසි වසකට
අධික ව පැවති කාළිංග මාඝ රාජ්‍ය යුගයේදී සිංහල පිරිසට පොළොන්නරුව අතහැර යන්නට සිදුවිය. එහෙයින් එවක ඉන් කලකට පෙර පොළොන්නරුව පිළිබිඹු කළ ශ්‍රී විභූතිය
නැත්තටම නැතිව ගියේය. වියත් මහ සඟුන් රට හැර ගිය අතර ප්‍රභූ සිංහලයෝ ද්‍රවිඩයන්ට
හසුනොවන තැන් කරා ගොස් සැඟව ගත්ත. කි‍්‍ර.ව. 1215 දී
කාලිංඝ මාඝ නම් දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයා පොළොන්නරු රාජධානියේ බලය අල්ලාගැනීමත්
සමඟ මාඝගේ කුරිරු මර්ධනකාරී ප‍්‍රතිපත්තිය නිසා පීඩාවට පත් රජරට රාජකීයන,
ප‍්‍රභූන් සහ
ජනතාව නිරිත දිගට සංක‍්‍රමණය වී ඒ ඒ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය පාලන ඒකක පිහිටුවමින්
නැවත සිංහල උරුමය ලබාගැනීමට උත්සාහ දරා ඇති බව වංශකතාවලින් හෙළිවේ.
අනාගතය ගැන බලාපොරොත්තු ඇතිව සිටි සිංහල ප්‍රභූන්
කිහිප දෙනා අතර විජය බව ප්‍රසිද්ධ කෙනෙක් විය. සිරිසඟබෝ රජ පෙළපතින් පැවත එන බව
කියන මේ මාඝ ආක්‍රමණය යුගයේදී වනගත ව සිට පසුව වන්නියේ රජ බවට පැමිණ මායා රටේ
සිංහල ප්‍රධානීන් එකමුතු කර ඒ ප්‍රදේශයේ දෙමළ ප්‍රධානීන් පන්නා හැර දඹදෙණි පව්ව මත
එහි රාජධානියක් ඉදිකරගෙන ප්‍රසිද්ධ රජකු මෙන් වාසය කළේය. ලංකා ඉතිහාසයෙහි තුන්වන
විජයබාහු (ක්‍රි.ව. 1220 – 1024) යනුවෙන්
හැඳින්වෙන්නේ මේ රජතුමායි. (මෙතුමා කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ හා පාත‍්‍රා
ධාතූන් වහන්සේ වැඩමවාගෙන වුත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ, බෙලිගල පර්වත මුදුනේ
දළදා මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලද බවද දඹදෙණිය අගනුවර තමන්ගේ නාමයෙන්
විජයසුන්දරාරාමය නම් විහාරයක් කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ.)
මේ කාලයේදී නැවත පොලොන්නරුවේ රාජ්‍යයක් ගැන
සිත යොමු නොකළ විජයබා රජ ජාතිය දළදා පාද වස්තු දෙකත් උගත් භික්ෂුන් වහන්සේත් ප්‍රභූ
ජනයාත් කොත්මලෙන් දඹදෙණියට ගෙන්වා ගත්තේය. පැරණි
සිංහල රාජ්‍යය පැවති අංගෝපාංග නොඅඩුව ඇති කරවා විජයබා රජ මේ දඹදෙණි නුවර
ලංකාවේ රාජධානිය බවට පත්කරවීය. මේ වනාහි මායා රටෙහි ඇති වූ ප්‍රථම රාජධානියයි. විජයබා ගොඩනැඟූ දඹදෙණි රාජධානිය සමෘද්ධිමත්
කරවීමෙහි නම් ගත්තේ රජුගේ පුත්‍ර පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1224 – 1269) කලිකාල
සාහිත්‍ය සර්වඥ යන උපාධි නාමයෙන් ඇතිව දෙවන පැරකුම්බා, දඹදෙණි පැරකුම්බා යන
නම්වලින් ලංකා ඉතිහාසයේ ප්‍රකට ව පෙනෙන කෙනෙකි ඒ රජ. දෙතිස් වසක් නිරවුල්ව රජ කළ ඒ
රජුගේ යුගය දඹදෙණියේ අනුස්මරණීය අවස්ථාව වෙයි.
පරිසර උවදුරුවලින් පොළොන්නරුවේ ශ්‍රී
විභූතිය නැතිවී ගිය පසු ඉතා කෙටි කාලයක් තුළ ජාතිය පිළිබඳ පුදුමාකාර දියුණුවක් ඇති
වූ යුගයක් හැටියට මේ වකවානුව ලංකා ඉතිහාසයෙහි පෙනේ. මේ දියුණුවේ පෙරමුණ ගෙන ක්‍රියාකළ
දඹදෙණි පැරැකුම්බා රජු ඒ සඳහා ක්‍රියාත්මක කළ කරුණු කිහිපයක් වෙති. ඒවා නම්,
- විරුද්ධව සිටි දෙමළ පිරිස් පලවාහැරීම
- මිතුරුව සිටි දෙමළ පිරිස් සේවයට බඳවා ගැනීම
- විදේශි ක රජවරු මිතුරු කර ගැනීම
- රට ඇතුලේ නායකත්වය පතමින් ඒ ඒ තැන්වල සිටි සිංහල ප්‍රභූ නතුකර ගැනීම
මෙසේ රට නිදහස තබා ගැනීම නිසා අපේක්ෂා කළ
තරම් ජාතික උන්නතියක් දඹදෙණි රාජ්‍ය යෙදී ඇති කරවීමට එරජුට පුළුවන්කම ලැබුණි.
දෙවන පැරකුම්බා රජු අවසාන කාලයේදී රාජ්‍ය කටයුතු මහා සංඝයා හා රටවැසියාගේ
අනුමැතිය ඇතිව තම පුත් විජයබාහු කුමරුට පැවරීය. මේ අවස්ථාව වන විට දඹදෙණි රාජ්‍යයට සතුරන්ගෙන්
උවදුරු නොයෙක් පැතිවලින් එල්ල වී තිබුණු බව පෙනේ. අසනීපව සිටි පිය රජුත් දඹදෙණි රාජ්‍යයත්
බලාගැනීමට පැරකුම්බා, විජයබා යන සහෝදරයන් දෙදෙනා ද දඹදෙණි රාජ්‍ය දකුණු ප්‍රදේශය
ආරක්ෂාව සඳහා තිලෝකමල්ල කුමරු
වත්තල ද උතුරු පෙදෙස් රැකබලාගැනීමට බුවනෙකබාහු කුමරු යාහපහුවේ ද රඳවා තෙමේ පොළොන්නරු
රාජ්‍ය නැවත සකස් කර ගනු පිණිස සේනා සංවිධානය කළේය. ලංකාව ගනු පිණිස චන්ද්‍රභානු
ප්‍රධාන ජාවක සේනාවක් මෙහි පැමිණියේ ඒ වෙලාවේ දීය. විජයබා රජු මහත්සේ යුද කොට
ඔවුන් පලවා හැර පොලොන්නරු රාජ්‍ය ද නැවත යථාස්ථානයට පමුණුවා පියරජුත් දළදා පාදත්
මහ පෙරහැරෙන් එහි පමුණුවා විසීය.
රජුගේ අභාවයෙන් පසු විජයබාහු රජුට දෙවසකට
වඩා ජීවත් විය නොහැකි වීය. ඊට හේතුව විදේශීය උවදුරු වලටත් වඩා රට ඇතුළේ රාජ්‍ය
පිළිබඳ නොසන්සුන්කම වැඩ වැඩි යාමයි. මිත්‍ර නම් සෙනෙවියා දාසයකු ලවා විජයබා රජු මැරවීය. අනතුරුව තමා
රජු මෙන් දඹදෙණිය පෙනී සිටි නමුත් ඨකුරක නම් සෙන්පතියා විසින් ඔහු මරණ ලදී. මේ කලබල වලින් පසු රට රැකීමෙහි නියුතුව සිටි
සෙන් පිරිසෙ කැමැත්ත අනුව යාපහු නුවර සිටි බුවනෙකබාහු කුමරු දඹදෙණියේ රජ පැමිණි
යේය. කලක් එහි විසූ ඒ රජ තමාට පුරුදු යාපහු නුවරට ගොස් එහි විසීය. යාපහුව මුල් වරට
රාජධානියක් වූයේ මෙවිටය. එහෙත් මෙම පාලකයින් විසින් පිහිටුවාගන්නා ලද පාලන
ඒකකවලින් වඩාත් ශක්තිමත් වන්නේ දඹදෙණිය මධ්‍යස්ථානයයි.
Hoda post ekak
ReplyDelete