Monday, July 22, 2019


සද්ධර්මරත්නාවලිය

ලංකාවේ බෞද්ධ සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ මහින්දාගමනයත් සමගයි. ඒ සමග බිහි වූ සියලූම සාහිත්‍ය ග‍්‍රන්ථයන් බුදුදහම ඇසුරින් බිහි වූ බව පෙනෙන්නට තිබෙන කරුණකි. සියලූම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලන කටයුතු පවා ගොඩ නැගුණි.

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහල බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ අතරින් ඉතිරිව ඇති ගද්‍ය සාහිත්‍ය කෘති අතළොස්සකි. අනුරාධපුර යුගයෙන් ඇරඹෙන සංස්කෘතික හා ජාතික පුනරුදය සමතැන්හි තැබීමට පවා සන්සන්දනය කිරීමට තරම්වත් සංස්කෘතික ප‍්‍රබෝධයක් ලෝකයේ ඇතිව නොමැති බව ලාංකේය සාහිත්‍ය විචාරකයන් පෙන්වා දෙයි. ඒ සියලූ සාධනීය ජයග‍්‍රහණයන් පාදක වූයේ බුදුදහමයි. පොළොන්නරු යුගයට සංක‍්‍රමණය වීමත් සමග සොළී ආක‍්‍රමණ හේතුවෙන් විනාශයට පත් වී ඇත. නැවත වරක් බෞද්ධ සංස්කෘතික ප‍්‍රබෝධයක් ගොඩනැගෙන්නේ දඹදෙණි යුගයේ ය. දඹදෙණි සාහිත්‍ය වංශයෙහි සාහිත්‍ය කෘති රාශියක් බිහිවිය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ් දඹදෙණි යුගයේ දී ය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ දඹදෙණි යුගයේ දී ය.

දඹදෙණි යුගයේ රචනා කරන ලද සාහිත්‍ය කෘති අතරින් පූජාවලිය, සද්ධර්මරත්නාවලිය. වැනි සාහිත්‍ය ග‍්‍රන්ථයන් ප‍්‍රමුඛත්වයක් ගනී. කවි සිළුමිණ නම් වූ මහා කාව්‍ය ද සිදත් සගරාව වැනි සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථ ද එළු සඳැස් ලකුණ වැනි සිංහල පාලි මුසු වූ ග‍්‍රන්ථයන් ද, ඡුන්දස් ග‍්‍රන්ථ ද, ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි සන්නස් ග‍්‍රන්ථ ද සාහිත්‍යයට එක් වීම ද , පූජාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම ද බොදු සංස්කෘතික පුනරුදය නිසාම බිහි වන්ට ඇතැයි නිගමනය කළ හැකි ය.

දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලිය මෙරට පහළ වූ සුවිශිෂ්ඨ බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්මපදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්පදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත පාලි ධම්මපදට්ඨ කතාව ගුරූපදේශ කරගත් මුත් පාලි ක‍්‍රම අතහැර දෙසට බසට, එක ලෙස මැනවින් ගෝචර වන ආකාරයෙන් සද්ධර්ම රත්නාවලියේ කතාවස්තු පෙළ තබා ඇත.  ඒ අනුව හරකබාන සරිකරගනිමින් අඹු දරුවන් පෝෂණය කරමින් ලෞකික ජීවිතයේ ආශාවන් පොඳි බැඳගත් ගැමියනට නිර්වාණ අවබෝධය පසක් කරගනු වස් පින්දහම් රැුස් කිරීමේ වැදගත්කම සද්ධර්මරත්නාවලියේ කතාවස්තු මගින් කියාපෑමට ඉඩහසර වෙන් කර ඇත. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට මූලික වූ පරමාර්ථයන් උන්වහන්සේ මෙසේ දක්වා තිබේ.

සද්ධම්මඨති මිච්ඡුන්තෝ
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධර්ම රතනංවලිං

සද්ධර්මයාගේ පැවැත්ම උදෙසා, ධර්සේන යතිවරයාණන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කළ බව මින් විද්‍යමාන කරවයි. සිංහල සාහිත්‍ය නැමති රත්නාකරයෙහි අතිශය දීප්තියෙන් බබළන මාණික්‍යයක් වැනි වූ සද්ධර්මරත්නාවලිය සිංහල සාහිත්‍යයට තාරුකා වැනි ග‍්‍රන්ථ රැුසක් සම්පාදනය විය.
 නිවන්මග අවබෝධ කරගැනීමට පින්දම් රැුස්කරන දනන්ගේ හිතසුව පිණිස නිවන් මාර්ගය කරා ගමන් කිරීමට අත්වැලක් සැපයීමට සද්ධර්මරත්නාවලියෙන් උත්සාහ දරා ඇත.

සද්+ධර්ම+රත්න+ආවලිය

සද් යනු යහපත්යන්නයි. ධර්මය යනු බුදුරජුන් දේශනා කළ දේශනාවන් ය. රත්න යනු මැණික්යන්නයි. ආවලිය යනු වැලයන්නයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය යනු සදහම් නැමති මිණිකැට අමුණන ලද මාලය යන්නයි. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමෙන් උන් වහන්සේ බලාපොරොත්තු වූයේ හුදී ජනයාගේ පහන් හැගීම් ජනිත කිරීමයි.

යම් කෙනෙකුන් නුවණ මදවත් කුසලඡුන්දය ඇතිව බණදැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් ප‍්‍රබන්ධය රචනා කරම්හ
සද්ධර්මරත්නාවලිය රචනා රචනා කිරීමේ දී උන්වහන්සේගේ එකම පරමාර්ථය බවට නිවන් අවබෝධ පිිණිස එය තෝතැන්නක් බවට පත් කරවීමයි. කුසල් වැඞීමට සද්ධර්මරත්නාවලිය හේතු වන බව උන්වහන්සේ දක්වා ඇත. ලෞකික දියුණුවෙන් ඔබ්බට ලෝකෝත්තර සුබසිද්ධිය උදාකරවනු පිණිස සද්ධර්මරත්නාවලිය හේතු පාදක වෙයි.

 ” නිවන්මගට යන ගමනේදී කුසල් මද සැදැහැතියනට පින්පෙත් රැුස්කර ගනුවත් එසේ වූ සත්පුරුෂයන් සඳහා සද්ධර්මරත්නාවලි නම් ප‍්‍රබන්ධය කරම්හ.

යනුවෙන් සද්ධර්මරත්නාවලිය නිවන් මාර්ගය සපල කර ගැනීමට පොදු ජනයාට අත්වැලක් සපයනු වස් රචනා වූ බෞද්ධ ධර්ම අත්පොත ලෙස සඳහන් කර තිබේ. භවාන්තර ඥානයෙන් පෝෂිත නොවුණු සාමාන්‍ය මහජනයාගේ අවශ්‍යතාවන් සපුරාලනු පිණිස නැවතවරක් පාලි කතාපුවත් සිංහලෙන් කීමට අවශ්‍ය විය. එම නිසාම ජනතාවට රසවිඳීමට හැකි ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීම අපේක්ෂා කළ බව කතුවර ධර්මසේන හිමියන් සඳහන් කර තිබුණි. ආශි‍්‍රත ග‍්‍රන්ථ සද්ධරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියෝ ප‍්‍රධාන වශයෙන් ධම්මපද කතාව ද අප‍්‍රධාන වශයෙන් මිලිඳු නාගසේන කතා පුවත් ද, මිලින්ද පඥ්ඥහ, සුත්තනිපාත, අට්ඨක කතා ආදිය ආශ‍්‍රය කොටගෙන රචනා කිරීම. පාළි ක‍්‍රම අතහැර අර්ථ පමණක් ගෙන අප කළා වූ මේ ප‍්‍රබන්ධයෙහි ක‍්‍රමවල අඩුවැඩිතැන් ඇතත් එය නොසකා......කුසල් මාවතකට බැස නිවන්පුරයට සුවයෙන් යායුතු...
ග‍්‍රන්ථනාමයේ කතාවස්තු සියල්ලක්ම රත්න හෙවත් මැණික් ලෙසට කතුවරයා සලකා තිබීම...

අර්ථවිග‍්‍රහය ග‍්‍රන්ථය තනන ලද්දේ රන්හුයක් කොට ගෙනය. මේ ග‍්‍රන්ථයෙහි කතාකරුවන් ඇමිණූ නිසා සද්ධර්මරත්නාවලිය බවට පත්වීම.
ධර්මසේන හිමියන් මැති ඇමතිවරුන්ගේ වන්දිභටයෙකු නොවූ බවත් සරල චාම් ජීවිතයක් ගතකරමින් ගැමියන් සමග දුකසැප බෙදාගනිමින් ජීවත් වූූ කරුණාවෙන් බරිත හදවතක් ඇති කෙනෙකු වූ බවත් කිව හැකි ය.
මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ධර්මසේන හිමියන් ගැන මෙසේ පවසා ඇත.

 සද්ධර්මරත්නාවලිය ධර්මසේන ස්ථවිරයෝ ගැමියන් අතරට මුල්බැස ඔවුන් හා එක්ව දොඩමින් සිනාසෙමින් දිවිපෙවෙත හිසින්ගත් බරක් මෙන් නොව හිස සරසනාවක් මෙන් සලකමින් ජීවත් වූ ප‍්‍රියවාදියෙකි.

සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී සංඥා සංකේත ඇසුරෙන් කතාවස්තු ඉදිරිපත් කර ඇත. ඒ අනුව භාෂාව භාවිතා කළ ආකාරය ,උපමාරූපක භාවිතා කළ ආකාරය,ආරම්භයේ දී අන්තර්ගතය පිළිබඳ ඉගියක් ලබාදීම,උපහාසය හා හාස්‍ය මුසුකර ගැනීම, පිරුළු භාවිතා කිරීම, නාට්‍යොත්චිත අවස්ථා බහුල වශයෙන් භාවිතා කිරීම, සෑම කතාවස්තුවකම අවසානයේ ධර්මෝපදේශයක් ලබාදීම, ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ ඇති සුවිශේෂත්වයයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය පුරාම සංඥාර්ථවේදී ලක්ෂණ මැනවින් ඉස්මතු වෙයි. සංඥාර්ථවේදය යනුවෙන් හඳුන්වන්නේ සංඥා සංකේත භාවිතා කිරීමයි. රූපමය සංඥා හා භාෂාමය සංඥා යන සංඥා වර්ග දෙකක් පැවතිය ද සද්ධර්මරත්නාවලිය මගින් භාෂාව භාවිතා කරමින් යතිවර ධර්මසේන හිමි අපූරු රසයක් එක් කිරීමට සමත් වී ඇත. සංඥාර්ථවේදය ස්වභාවිත සංඥා හා අර්ථ සංඥා ඔස්සේ පුරාතන යුගයේ හා මධ්‍යයතන යුගයේ පැතිරී ගිය එකකි. සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණ සෑම කතා වස්තුවකම පාහේ දැකගත හැකිය. භාෂාව හා සංකේත භාවිතා කරමින් කතාවස්තු වල සංඥාර්ථවේදී ලක්ෂණ ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත.

දඹදෙණි යුගයේ ජීවත් වූ ගැමි ජනතාවගේ සිතුම් පැතුම් මැනවින් අවබෝධ කරගත් ධර්මසේන හිමි ගැමි සමාජයට උචිත අන්දමින් සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත. සංඥාර්ථ හඳුනාගැනීමේ දී ඒ ඒ සමාජවල චින්තන රටාවන් සමාජීය රටාවන් බලපායි. වචන නැමති සාධකය  ඒ සඳහා හේතු වී ඇත. සමකාලීන ගැමිජන විඥානයට සමීප වන ආකාරයට සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත. වර්තමාන කතාවට අතීත කතාව සම්බන්ධ කරමින් ධර්මසේන හිමියන් කතාවස්තු ගැමිජනතාවට මැනවින් අවබෝධ වන ආකාරයෙන් රචනා කොට ඇත.

1 comment: