අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබදව බෞද්ධ ඉගැන්වීම්
බුදු දහම
හුදෙක් අධ්‍යාත්මික පවිත්‍රතාවය සදහා මග පෙන්වන ධර්මයකි. එම ආධ්‍යාත්මික පවිත්රතාවයේ
දී මිනිසා මමත්වය සපුරා බැහැර කර ලොව කිසිවක නොඇලී නොගැටී කටයුතු කළ හැකි
පුද්ගලයෙකි. නමුත් එම තත්ත්වයට
පත්වීම කෙටි කාලයකින් සිදු කළ හැකි නොවේ. එම නිසා මෙම අධ්‍යාත්මික පවිත්‍රතාවය
ළගා කර ගන්නා තෙක් භෞතික ජීවීතයේ සුඛිත මුදිත භාවය ප්‍රතික්ෂේප කිරීමක් බුදු දහම
තුළින් කිසිසේත්ම අරමුණු නොකරයි. එම නිසා භෞතික
ජිවීතයේ සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය මගපෙන්වීම බුදු දහම තුළින් ලබා ගත හැකි
අවස්ථා, සිද්ධි, දේශනා ආදීය
බොහෝ තැන් වලදී හමු වේ. ඒ අතරින් අල්පේච්ඡතාවය හුරු කරන ලද පුද්ගලයෙකුට,
- අත්ථි සුඛය ( ධෛර්්‍ය සම්පන්නව ඉපයූ ධනයක් ඇත යන සතුට)
- භෝග සුඛය (දැහැමින් උපයාගත් භෝගයන් භුක්ති විදිමේ සතුට)
- අණන සුඛය (කිසිවෙකුට ණය නොවීමේ සතුට)
- අනවජ්ය සුඛය (කයෙන්, මනසින් හෝ වචනයෙන් වැරදි නොකර සිටිමී යන සතුට)
යනාදී වශයෙන්
මෙලොව තුළදීම භුක්ති විදිය හැකි සුඛයන් වර්ග හතරක් පිළිබදව අන්ගුත්තර නිකායේ අණන
සූත්‍රයේ සදහන් වේ.
සමාජ ක්‍රමය
තුළ මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම සදහා බෞද්ධ දර්ශනය තුළින් ලද ආභාෂය අති මහත්ය.
කළ්‍යාණ මිත්රතාවය හෙවත් යහපත් අන්තර් පුදගල සම්බන්ධතාව බුදු දහම තුළ විවිධ
අවස්ථා තුළදී අගය කොට දක්වා ඇත. ඒ අතරින් බුදුරජානන් වහන්සේ විසින් සිගාල නම් ගෘහ
පුත්‍රයාට සදිසා නමස්කාරය අර්ථවත්ව සිදු කිරීම සදහා දේශනා කළ සිගාලෝවාද සුත්‍රයේ
දී සමාජයේ විවිධ පාර්ශවයන් සමග යහපත් සම්බන්ධතාවය පවත්වාගෙන යාම සදහා ඉටු කළ යුතු
යුතුකම් සහ වගකීම් පිළිබදව පැහැදිළිව කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම පුද්ගල
කණ්ඩායම් ආදේශ කරමින් යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීම සහ පවත්වාගෙන
යාම සදහා ඉතා පුළුල්
මගපෙන්වීමක් ලබා දී ඇති බව මෙම එක් එක් කණ්ඩායම් වෙත ඉටු කළ යුතු යුතුකම් සහ
වගකීම් පිළිබදව විමසීමේ දී කරුණු පැහැදිළි වේ.
කුඩා කාලයේදී
අප පළමුව මෙන්ම නිරතුරුවම සම්බන්ධතා පවත්වන ප්‍රධානතම පාර්ශවය වන්නේ දෙමාපියන්ය.
එම නිසා සිගාලෝවාද සුත්‍රයේ උතුරු දිශාව සදහා ආදේශ කරනුයේ දෙමාපියන්ය. දරුවන්
විසින් දෙමාපියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම ඔවුන් නැමදීම යන්නෙන් අර්ථ ගැන්වේ.
සාර්ථක දෙමාපිය දූදරු
සම්බන්ධතාවයක් සදහා දරුවන් විසින් දෙමාපියන් වෙත යුතුකම් ඉටු කරනු ලැබූ විට
දෙමාපියන් විසින් පෙරළා යුතුකම් ඉටු කරයි.
දරුවන් විසින්
දෙමාපියන්ට
- මව්පියන් පෝෂණය කිරීම
- පැමිණි කටයුතු ඔවුන් වෙනුවෙන් ඉටුකර දීම
- කුල පරපුර රැකීම
- උරුම වන වස්තුව නිවැරදිව පරිහරණය කිරීම
- මිය පරලොව ගිය පසු ඔවුන් වෙනුවෙන් පිං දහම් සිදු කර ඔවුන් වෙත අනුමෝදන් කිරීම
දෙමාපියන්
විසින් දරුවන්ට
- දරුවන් පවින් වළක්වා ගැනීම
- යහපතෙහි යෙදවීම
- ශිල්ප ඉගැන්වීම
- සුදුසු ආවහා විවාහ කර දීම
- නිසි කල වයස එළඹි පසු දායාද පවරා දීම
ජීවීතයේ දී
ඉන් පසුව පුද්ගලයා අධ්‍යාපනය වෙත යොමු වන අතර එහිදී තම ගුරුවරුන් වෙත ඉටු කළයුතු
මූලික යුතුකම් දකුණු දිශාව නැමදීම යටතේ විස්තර කර ඇත. ශිෂ්‍යයන් විසින් තම
ගුරුවරුන් වෙත සිය යුතුකම් ඉටු කරන විට ගුරුවරුන් විසින් ද තම ශිෂ්‍යයන් වෙත පෙරළා
යුතුකම් කිහිපයක් ඉටු කළ යුතු වේ. මෙම දෙපිරිස විසින් සිය යුතුකම් කොටස නිවැරදිව
ඉටු කිරීම නිසා යහපත් සහ දීර්ඝ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය තහවුරු වේ.
ශිෂ්‍යයන්
විසින් ගුරුවරුන්ට
- ශිෂ්‍යයන් විසින් හුනස්නෙන් නැගී සිටීම
- අවශ්‍ය විට දී උපස්ථාන කිරීම
- උගන්වන කරුණු පිළිබදව මනාව සවන් දීම
- උගන්වන කරුණු සකසා දැන ගැනීම
ගුරුවරුන් විසින්
ශිෂ්‍යයන්ට
- සුවිනීත වන සේ හික්මවීම
- උගත හැකි වන සේ ඉගැන්වීම
- සියළු ශිල්පයන් ඉගැන්වීම
- මිතුරු කුලූපගයින් හට හදුන්වා දීම
- හැම තැන්හි රැකවරණය සැළසීම
මිනිසාගේ
පවුල් ජිවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන යුතුකම් සමුදායක් සිගාලෝවාද සුත්‍රය
බටහිර දිශාව මුල් කරගෙන ඉදිරිපත් කර ඇත. සාර්ථක පවුල් ජිවිතයක් සදහා
ස්වාමියා
විසින් භාර්යාවට
- සම්මාන කිරීම
- අවමාන නොකිරීම
- අනාචාරයෙහි නොහැසිරීම
- නිවසේ කටයුතුවල අධිපති බව පවරා දීම
- ඇදුම් පැළදුම් සහ ආභරණ සපයා දීම
භාර්යාව
විසින් ස්වාමියාට
- මනා සංවිධිත බවකින් යුතුව කටයුතු කිරීම
- පිරිවාර ජනයාට මනාව සංග්‍රහ කිරීම
- අනාචාරයෙහි නොහැසීරීම
- රැස් කල ධනය රැක දීම
- සියළු කටයුතු වල දක්ෂ සහ අනලස්ව කටයුතු කිරීම
මිනිසා අධ්‍යයාත්මික
සුවය පිණිස විවිධ ආගමික දර්ශනයන් මත විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. ඒ අනුව තමන්
විසින් විශ්වාස කරනු ලබන ආගමික දර්ශනයේ ගිහියන් විසින් මහණ බමුණන්ටත් මහණ බමුණන්
විසින් ගිහියන්ටත් යුතුකම් ඉටු කළ යුතුවේ. ඒපිළිබඳ සිගාලෝවාද සුත්‍රයේ උඩ දිශාව
මුල් කර ගෙන දේශණා කර ඇත.
ගිහියන්
විසින් මහණ බමුණන්ට
- මෛතී‍්‍ර සහගත කායික ක්‍රියාවන් දැක්වීම
- මෛතී‍්‍ර සහගත මානසික ක්‍රියාවන් දැක්වීම
- මෛතී‍්‍ර සහගත වචන කථා කිරීම
- නොවැසූ දොරින් යුතුව සංග්‍රහ කිරීම
- ආහාර පාන ආදීය මගින් සංග්‍රහ කිරීම
මහණ බමුණන්
විසින් ගිහියන්ට
- පවින් වළක්වා ගනිමින්
- යහපතෙහි පිහිටුවමින්
- පහන් සිතින් අනුකම්පා කරමින්
- නොඇසූ දහම් අසන්නට සළස්වමින්
- ඇසූ දහම් කරුණු වල සැක හැර දක්වමින්
- සුගතියට මග පාදමින්
මිනිසාගේ
ජිවිතයේ තවත් ඉතාම වැදගත් පැතිකඩක් වන්නේ රැකියා ජිවිතයයි. රැකියා ජිවිතය සාර්ථක
කර ගැනීම සදහා වැදගත් වන කරණු යට දිශාව මුල් කර ගනිමින් දේශණා කර ඇති බව සිගාලෝවාද
සුත්‍රයේ සදහන් වේ.
ස්වාමියා
විසින් සේවකයාට
- ශක්තීන්ට අනුලෝම වන පරිදි කාර්යන් සංවිධානය කර දීම
- නිසි පරිදි පඩිනඩි සහ ආහාර දීම
- ගිලන් වූ කළ ප්‍රතිකාර කිරීම
- රසවත් ආහාර බෙදා දීම
- අවශ්‍යතාවය මත නිවාඩු ලබා දීම
සේවකයන් විසින්
ස්වාමියාට
- ස්වාමියාට පෙර පිබිදෙමින්
- ස්වාමියාට පසු නින්දට යමින්
- සොරකම් නොකර සිටීමෙන්
- දුන් කාර්ය මනාව ඉටු කරමින්
- ප්‍රශංසා පතුරවීමෙන්
සිය යුතුකම් ඉටු කළ යුතු බව සමාජයේ ජිවත් වීමේ දී විවිධ මිතුරන් සමග කටයුතු කිරීමට සිදු වේ. මිතුරන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සම්බන්ධයෙන් නැගෙනහිර දිශාව මුල් කර ගනිමින් කරුණු ඉදිරිපත් කර ඇත.
- දානය
- පි‍්‍රය වචනය
- අර්ථ චර්යාව
- සමානාත්මතාවය
- පමා වූ විට රැකගනිමින්
- පමා වූ විට වස්තුව රැකදෙමින්
- බියට පිහිට වෙමින්
- ආපදාවන්හීදී අතහැර නොයා සිටිමින්
- දරු මුනුබුරන් හට සංග්‍රහ කිරීම
කිසියම්
පුද්ගලයෙකු දයානුගත හැගීමෙන් හෝ පෞද්ගලිකව සළකා අනෙක් පුද්ගලයන් සමග සම්බන්ධ වීම
මිත්රත්වයයි. ඒ අනුව මිත්‍රත්වය යන්න අන්තර් පුද්ගල සම්බන්ධතාවන්ගේ ප්රතිඵලයයි.
යහපත් මිත්‍රත්වය හෙවත් කල්‍යාණ මිත්‍රත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනය
තුළ ඉදිරිපත් කර ඇති කරුණු සැළකීමේ දී ඒ සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වන බව තහවුරු
වේ. කල්‍යාණ මිත්‍රත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් කරුණු හෙළි කරන සුත්‍ර ගනනාවක්
බෞද්ධ දර්ශනය තුළ හමු වේ. ඒ අතර දීඝ නිකායේ සිගාලක සුත්‍රයේ ඇසුරු කිරිමට සුදුසු
මිතුරන් වර්ග හතරක් පිළිබදව විස්තර ඇතුළත් වේ. එම මිතුරන්
වර්ග හතර පහත දැක්වේ.
- උපකාරක මිතුරා
- සමාන සුඛ දුක්ඛ මිතුරා
- අත්ථක්ඛායි මිතුරා
- අනුකම්පක මිතුරා
ඒ අනුව අන්තර්
පුද්ගල සම්බන්ධතාවන් පැවැත්වීමට වඩාත් සුදුසු පුද්ගලයන්ගේ ගති ලක්ෂණ ලෙස
- විපතකදී අස්වැසිල්ලක් වීම
- සතුටු අවස්ථවන් හිදී මෙන්ම දුක් මුසු අවස්ථාවන්හිදී ද සමාන ලෙස එකට රැදෙමින් කටයුතු කිරීම
- වැරදි කි්රයාවන් හි නිරත වන විටදී එම කි‍්‍රයාවන්ගේ අර්ථය පහදා දෙමින් නිවැරදි මාවතකට යොමු කිරීම
- අනුකම්පා සිත් ඇතිව කටයුතු කිරීමට හැකි වීම
ඒ අනුව
කිසියම් පුද්ගලයකු ඉහත දක්වන ලද ගති ලක්ෂණ හුරු කර ගැනීම තුළින් අන්තර් පුද්ගල
කුසලතාවය වර්ධනය කර ගත හැකිය. ඉහත දක්වන ලද යහපත් මිතුරන් අරක්ෂා කර ගැනීම
සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කරුණු පහක් පිළිබදව තවදුරටත් දීඝ නිකායේ සිගාලක සුත්‍රයේ
සදහන් වේ. යහපත් මිතුරන් අරක්ෂා
කර ගැනීම සදහා ප්‍රගුණ කළ යුතු ලක්ෂණ පහත පරිදි වේ.
- පරිත්‍යාග කිරිම
- පි‍්‍රය වචන කථා කිරීම
- යහපතෙහි හැසිරීම
- සමාන ලෙස සැළකීම
- අනුන් නොරැවටීම.
මිතුරු ඇසුර
පුද්ගල ජිවීතයට විශාල බලපෑමක් සිදු කරයි.යහපත් මිතුරු ඇසුර දියුණුවට මෙන්ම අයහපත්
මිතුරු ඇසුර පිරිහිමටත් හේතු වේ. එසේ ඇසුරු කිරීම නිසා පිරිහීමට හේතුවන මිතුරන්
මෙන් හැසිරෙන නමුත් සැබැවටම මිතුරන් නොවන පිරිස මිත්‍ර ප්රතිරූපකයන් ලෙස හදුන්වයි. මිත්‍ර ප්රතිරුපකයෝ හතර දෙනෙක්
පිළිබදවද දීඝ නිකායේ සිගාලක සුත්‍රයේ කරුණු සදහන් වේ. එම මිත්‍ර ප්රතිරූපකයන්
පහත දක්වා ඇත.
- අඤ්ඤදත්තුහර
- වචීපරම
- අපාය සහයක
- අනුපි්රයභාණි
ඇතැම් පුද්ගල
සම්බන්ධතා ඒක පාර්ශවීය වශයෙන් අවසන් වේ. එයට හේතු වන්නේ එම සම්බන්ධතාවය තව දැරටත්
පවත්වාගෙන යාම සදහා ඊට සම්බන්ධ එක් පාර්ශවයක් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඒ සදහා
විවිධ හේතුන් බලපෑ හැකිය. ඒ අතරින් මිතුරන් අතින් සිදු වන අතපසු වීම් හේතුවීම ප්‍රධාන
වේ. මිතුරන් අතින් සිදු වන අතපසු වීම් සම්බන්ධයෙන් අනුකම්පා කළ යුතු කරුණු පහක්
පිළිබදව දීඝ නිකායේ සිගාලක සුත්‍රයේ තවදුරටත් කරණු සදහන් වේ. එම කරුණු පහත
දක්වා ඇත.
- මිතුරා ආරක්ෂා කර ගැනීම
- මිතුරාගේ ධනය ආරක්ෂා කර ගැනීම
- මිතුරා බියට පත් වූ විට පිහිට වීම
- මිතුරාට විපතක් සිදු වූ විට අත් නොහැරීම
- මිතුරාගේ නෑදැයින් හට සංග්‍රහ කිරීම.
අංගුත්තර
නිකායේ සත්තක නිපාතයේ මිත්ත සුත්‍රය යනු මිත්‍රත්වය පිළිබදව වැදගත් වූ තවත් සුත්‍රයකි.
එම සුත්‍රයේ සදහන් පරිදි ඇසුරු කිරීමට සුදුසු මිත්‍රයා සතුව පැවතිය යුතු ලක්ෂණ
හතකි. එම ලක්ෂණ හත පහත පරිදි
දක්වා ඇත.
- දීමට අපහසු දේ දෙයි
- කරන්නට අපහසු දේ සිදු කරයි
- ඉවසිය නොහැකි දේ ඉවසයි
- මිතුරාට රහස් කියයි
- මිතුරාගේ රහස් සගවා ගනී
- විපතේ දී මිතුරා අත් නොහරී
- ධන හානියෙන් අවමන් නොකරයි.
යහපත් අන්තර්
පුද්ගල සම්බන්ධතාවයන් තමන්ට මෙන්ම අනුන්ටද යහපත සළසයි. යහපත් අන්තර් පුද්ගල
සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම මගින් තමන්ට හිමි වන ප්රතිලාභ හෙවත් ආනිසංස පිළිබදව
මෙත්තානිසංස සුත්‍රයේ විස්තර කරයි. මෙත්තානිසංස සුත්‍රයේ විස්තර කරන සැබැ මිත්‍රත්වයේ
ආනිසංස පහත දක්වා ඇත.
- නිවසින් බැහැර තැනක වාසය කළද ආහාර පාන ආදීයෙහි හිගතාවයක් ඇති නොවේ
- බොහෝ දෙනෙකුගේ ඇසුර ලබයි
- යම් ආගන්තුක රටකට නගරයකට හෝ ගමකට ගිය විට පිදුම් ලබයි
- සොර සතුරන්ගෙන් කරදර නොවේ
- පාලකයන් විසින් අවමන් නොකරයි
- සතුරන් මැඩ පැවැත්විමේ හැකියාව ලැබේ
- ගැටුම් නිසා ඇතිවන සිත් තැවුල්වලින් තොරව ජීවිතය ගත කළ හැකිය
- ගුණ ගරුක බව ගැන ප්‍රචලිත වේ
- අනුන් හට උපකාර කර අනුනගෙන් උපකාර ලබයි
- අනුන් හට ගරු කර අනුනගෙන් ගරුත්වය ලබයි
- ලෝකයාගෙන් ප්‍රසංශා ලබයි
- ගුණ පිළිබද වර්ණනා කරයි.
- මිත්‍රයන්ගෙන් පුද සත්කාර ලබයි
- වැදුම් පිදුම් ලබන්නෙක් වෙයි
- කීර්තීයට පත් වේ
- යස ඉසුරු පරිවාර සම්පත් ලැබේ
- සියළු සැප සම්පත් ලබයි
- සත්ව පාලනය ආදී කර්මාන්තයන්ගෙන් ඵල ලබයි
- කෘෂිකර්මාන්තය ආදීයෙන් ඵල දරයි
- යහපත් දරු සම්පත් ලබයි
- හදිසි අනතුරු වලින්අරක්ෂාව ලැබේ
- සතුරු
බධාවන්ගෙන් නොසැලී සිටී.
ඒ අනුව සළකා
බලන කළ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ වැදත්කම පිළිබදව බොහෝ සෙයින් බෞද්ධ
ඉගැන්වීම් හමු වේ. එමෙන්ම නුතන ව්‍යාපාර පරිසරය තුළ සංවිධාන බොහෝ සෙයින් හමු වන
අතර පුද්ගලයන්ට ඒවාට සම්බන්ධ නොවී තම අවශ්‍යතා ඉටු කර ගත නොහැකි තරමටම සංවිධාන පොදු ලක්ෂණයක් වී ඇත.
කෙතරම් ඉගැන්වීම් හමු වුවද පුද්ගලයන් සතුටින් කටයුතු කරන තත්වයක් දැක ගත නොහැකිය.
එම නිසා සංවිධාන කාර්යක්ෂමතාවය සහ සඵලත්වය අපේක්ෂිත මට්ටමින් ඉටුවන තත්ත්වයක් දැක
ගත් නොහැකිය. එයට බොහෝ සෙයින් හේතු සාධක වී ඇත්තේ සංවිධාන තුළ යහපත් අන්තර් පුද්ගල
සම්බන්ධතා දැක ගත නොහැකි වීමයි. බෞද්ධ ඉගැන්වීම් තුළ යහපත් අන්තර් පුද්ගල
සම්බන්ධතාවක් ඇති කර ගත හැකි සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සම්පූර්ණ ම`ග පෙන්වීමක්
ලබා දී ඇති බව කරුණු විමසීමේ දී තහවුරු වේ.
මිනිසා උපතේ
සිට විවිධ වයස් මට්ටම්වලදී විවිධ සාමාජ පාර්ශවයන් සමග සම්බන්ධතා පවත්වයි. අන්තර්
පුද්ගල සම්බන්ධතාවන්ගේ වැදගත්කම පිළිබදව බොහෝ සෙයින් බෞද්ධ ඉගැන්වීම් හමු වේ. ඒ
අතරින් අන්ගුත්තර නිකායේ අණන සූත්‍රය, සිගාලෝවාද සුත්‍රය, දීඝ නිකායේ සිගාලක
සුත්‍රය, අංගුත්තර නිකායේ සත්තක
නිපාතයේ මිත්ත සුත්‍රය සහ මෙත්තානිසංස සුත්‍රය එවැනි බෞද්ධ ඉගැන්වීම් කිහිපයකි.
මෙම ඉගැන්වීම් තුළ හමු වන යහපත් ගති ලක්ෂණ නුතන සංවිධාන තුළ කටයුතු කරන පුද්ගලයන්
තුළ ප්‍රගුණ කිරිම තුළින් කාර්යක්ෂමතාවය සහ සඵලත්වය තහවුරු කර ගත හැකිය.
Hugak wedagath
ReplyDeleteGood
ReplyDelete