අන්තර් පුද්ගල සම්බන්ධතා
මිනිසා යනු සමාජයීය සත්වයෙකි. මිනිසෙකු මෙලොව එළිය දැකීමටත් පෙර, එනම් යුක්තානුවක් ලෙස සංසේචනය වූ මෙහොතේ පටන්ම මව සමග සම්බන්ධතා පවත්වයි. එතැන් සිට මිනිසාගේ මරණයෙන් පසු අවමගුල් කටයුතු දක්වාම මිනිසා විවිධ පරාසයන්ගෙන් විවිධ මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්වීම පොදු ගති ලක්ෂණයකි. මිනිසාගේ මෙම ගති ලක්ෂණය නිසාම සමාජය නිර්මාණය වී ඇත. සමාජය යන්නට ඉංගී‍්‍රසි වචනය Society වේ. මෙය ලතින් සොසියුස් (Socius) යන වචනයෙන් සැකසී ඇත. සොසියුස් යන ලතින් වචනයේ අර්ථය මිත‍්‍රත්වය යන්නයි. ඒ අනුව සමාජය යන පදයේ අදහස සාමුහික සමාජ සම්බන්ධතා වලින් ජීවත් වීම යන්නයි. මේ අනුව පුද්ගල සම්බන්ධතා යනු වඩාත් වැදගත් මෙන්ම ප‍්‍රයෝගික වූ මානව සමාජයීය සංකල්පයකි. නුතන කළමනාකරණ පරිචය තුළ මිනිසා පොදු අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටුකර ගැනීම උදෙසා තවත් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් සමග සාමුහිකව කටයුතු කිරීම සංවිධාන ලෙස හදුනාගනු ලැබේ. නුතන සමාජය, ආර්ථිකය, දේශපාලන වැනි සියළු අංශ දෙස අවධානය යොමු කිරීමේ දී එම අංශ සියල්ලම සංවිධාන මත පදනම්ව නිර්මාණය වූ අංශ බව පැහැදිළි ය. ඕනෑම සාර්ථක සංවිධානයක දැකිය හැකි අනිවාර්ය සාධක තුනකි. ඒවා නම්,
- පුද්ගලයන් සිටීම
- පොදු අරමුණක් හෝ අරමුණු කිහිපයක් පැවතීම
- පුද්ගලයන් අතර මනා සාමුහික ක‍්‍රියාකාරිත්වය වේ.
ඒ අනුව ඕනෑම සංවිධානයක සාර්ථකත්වය පිණිස මිනිසුන් අතර සාමුහික කි‍්‍රයාකාරිත්වය අත්‍යවශ්‍යම සාධකයක් ලෙසට පෙන්වා දිය හැකිය. කණ්ඩායමක සාර්ථකත්වය සහ සාර්ථකත්වයේ වර්ධනය සදහා සාමුහික කි‍්‍රයාකාරිත්වය හෙවත් අන්තර්පුද්ගල සම්බන්ධතාවය ඉතාම වැදගත් වේ. එම නිසා අතීතයේ මෙන්ම වර්තමාන සංවිධාන කළමනාකරණ පරිචය තුළ දී ද අන්තර් පුද්ගල සම්බන්ධතා සදහා දක්වන වැදගත්කම ඉතා ඉහළ මට්ටමක පවතී. වර්තමාන සංවිධාන කළමනාකරුවන් විසින් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පිළිබදව මෙතරම් වැදගත්කමක් දැක්වීමට නැඹුරු වී ඇති බව අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ වැදගත්කම පිළිබදව ඉදිරිපත් වී ඇති බටහිර කළමනාකරණ මතවාදයන් බහුල වීමෙන් තහවුරු වේ.
අන්තර් පුද්ගල කාර්යයන්
- නාමමාත‍්‍ර නායකයෙකු ලෙස කටයුතු කිරිම
- නායකයෙකු ලෙස කටයුතු කිරිම
- සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙස කටයුතු කිරිම
- තොරතුරු රැස්කරන්නෙකු ලෙස කටයුතු කිරීම
- තොරතුරු බෙදාහරින්නෙකු ලෙස කටුයුතු කිරීම
- තොරතුරු ප‍්‍රකාශකයෙකු ලෙස කටයුතු කිරීම
- ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීම
- ගැටළු සමනය කරන්නෙකු ලෙස කටයුතු කිරීම
- සම්පත් බෙදාහරින්නෙකු ලෙස කටයුතු කිරීම
අන්තර් පුද්ගල සම්බන්ධතාවල වැදගත්කම
සමාජයක් යනු මිනිසුන්ගේ එකතුවකි. මිනිසා විසින් ජීවත් වීම සදහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු ආහාර, ඇදුම්, නිවාස වැනි මූලික මිනිස් අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේ. මිනිසාගේ මුල්ම අරගලය තනිකමට එරෙහිව සිදු කරනු ලබන අරගලය බව බ‍්‍රහමජාල සුත‍්‍රයේ ඊෂ්වර නිර්මාණවාදයේ ප‍්‍රභවය පිළිබදව එන විචාරණයෙන් දැන ගත හැක. නමුත් මිනිසාගේ මූලාරම්භයේ සිටම විවිධ සාධක අනුව වෙනස්කම් දැකගත හැකිය. මිනිසුන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජයේ ද මිනිසා විසින් ඇති කර ගත් වෙනස්කම් බොහොමයක් දැකගත හැකි වේ. මිනිසුන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජයේ මිනිසා විසින් ඇති කර ගත් වෙනස්කම් බොහොමයක් දැක ගත හැකිය. වර්තමානයේ මෙන්ම අතීතයේ ද සමාජයේ මිනිසුන් අතර විවිධ සාධක පදනම් කර ගනිමින් කාණ්ඩ ගත වී කටයුතු කල බවට සාධක හමු වේ. බටහිර සමාජයේ වර්ණ භේද වාදය, භාරතීය සමාජයේ කුල භේදය මේ අතර ප‍්‍රධාන වේ. සමාජයේ පුද්ගලයන් විවිධ සාධක පදනම් කර ගනිමින් මෙලෙස බෙදී සිටීම නිසා සමාජයේ එක් පුද්ගල කණ්ඩායමක් සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් පීඩනයට ලක් කරමින් තවත් කොටසක් නැ`ගී සිටීම බොහෝවිට සිදුවිය. මිනිසා විසින් කෘතීම වශයෙන් සමාජයට ආරෝපණය කරනු ලබන මෙම භේදයන් නිසා පුද්ගලයන්ගේ නිදහස සීමා වීම, සහජ කුසලතාවන්ට ඉඩක් නොලැබීම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට ද සිදුව ඇත. මිනිසා සමේ වර්ණයේ සිට ජාතී, ආගම්, කුල, දේශ සීමා ආදීය පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් බෙදී සිටීම නිසා යුද්ධය වැනි අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දීමට සිදුවූ අවස්ථා පිළිබදව ලෝක ඉතිහාසයේ පාඩම් අඩු නැත.
👍👍👍
ReplyDelete