Saturday, July 16, 2022

උක්තාඛ්‍යාත පද සම්බන්ධය

  • ඒක වචන නාම පදයක් උක්තය වන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.

උදාහරණ - නරියා මිදි කඩයි

                    පූසා මීයන් අලල්යි

                    වැද්දා මුවා මරයි

  • ප්‍රාණවාචී බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන්තැබේ.

උදාහරණ - නිවේදකයෝ ප්‍රවෘත්ති කියති. 

                    දරුවෝ දෙමාපියන් රැක ගනිති.

                    අම්මලා ගමට ගියහ. 

  • අප්‍රාණවාචී බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.

උදාහරණ - කඳු කඩා වැටේ.

                    පර්වත ඇද හැලේ

                        තරු බබළයි.

  • අප්‍රාණවාචි බහු වචන පදයකට පසු ඕ, හූ, ප්‍රත්‍යය යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ.

උදාහරණ - ගංගාවෝ ගලා බසිති

                    තාරකාවෝ රැස් විහිදති.

                    පියුම්හු පිපෙති

  • ගෞරවාර්ථ බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තබනු ලැබේ.

උදාහරණ - සරච්චන්ද්‍රයෝ පොත් ලියූහ.

                    පුතණුවෝ පාඩම් කළහ.

                    තෙරහු දනට වැඩියහ

  • ප්‍රාණවාචී ප්‍රකෘති බහු වචන පද උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබිය යුතුය. 

උදාහරණ - අලි පෙරෙහැරේ යති.

                    කොටි දඩයම් කරති.

                    හරක් සී සාති.

  • සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචි පද සමඟ යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ. 
    (රැළ, කැල, පෙළ, ගණ, සමූහය, පිරිස, රංචුව, මුළ, රැන, ගාල, අහින, කණ්ඩායම)

උදාහරණ - සොළී සේනාව රජරට වැනසූහ.

සොර මුළ ගෙවල් බිදිති.

ශිෂය සමූහය පාසලට යති.

  • සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචි පද සමඟ යෙදෙන විට අවසාන ක්‍රියාව ඒක වචන ය. 

උදාහරණ - ගස් පෙළ සෙලවෙයි.

තරු රැස බබළයි.

ගල් සමූහය පෙරලේ. 

  • නිත්‍ය බහු වචන පදයක් උක්තය ලෙස යෙදෙන විට අවසාන ක්‍රියාව බහු වචනයෙන් තැබේ.
    (කෙනෙක්, අයෙක්, ඇතැමෙක්, කවුරු, කවරහු, දෙන, සමහරු, සමහරෙක්, දෙනෙක්, අය)

උදාහරණ - සමහරු පන්සල් යති.

                    ඇතමෙක් ගමට ගියහ.

                    යමෙක් මාළු අල්ලති.

  • නිත්‍ය බහු වචන පදයක් වුව ද පැහැදිලිව හා නිශ්චිතව එකම අයෙක් පිළිබඳව සඳහන් කරන විට අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තැබේ.

උදාහරණ - පන්තියෙන් කෙනෙක් ගෙදර ගියේ ය.

කණ්ඩායමෙන් අයෙක් ඉවත් විය.

  • වෙන් ව ඇති වාක්‍ය දෙකක් නම් නිපාතයෙන් ඈදන විට දෙපස ඇති වාක්‍ය ස්වාධීනව තබනු ලැබේ. වාක්‍ය දෙක උක්ත රූප අනුව ස්වාධිනව අවසාන ක්‍රියා තබනු ලැබේ. 

උදාහරණ - දෙමාපියෝ ආදර්ශවත් වෙත් නම් දරුවෝ ද ආදර්ශවත් වෙති.

නිලධාරිහූ අවංක වෙත් නම් සේවකයෝ ද අවංක වෙති. 

ගුරුවරු හොඳින් අවංක වෙත් නම් දරුවෝ  ද උගනිති. 

  • ඇත, නැත යන නිපාත පද වලට සෘජුවම නාම පදය සම්බන්ධ වන විට එම පදය උක්ත රූපයෙන් තැබිය යුතුයි.

උදාහරණ - පාර්ලිමේන්තුවේ බුද්ධිමත්තු නැත 

                    යහ මග යන දරුවෝ ඇත 

සම්මාන දිනන ක්‍රිඩකයෝ ඇත

  • ඇත, නැත යන පදවලට පූර්වයෙන් උපකාරක පදයක් (නිපාත පදයක් හෝ කෘදන්ත පදයක්) යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ. 

උදාහරණ - රැස්වීමට මන්ත්‍රීවරුන් පැමිණ ඇත 

                        රැස්වීමට කාන්තාවන් එනු ඇත 

                        ගුරුවරුන් උගන්වනු ඇත 

  • ද්විත්ව උක්තය යනු එකම අයෙක් හෝ කණ්ඩායමක් හෝ එකම වාක්‍යයක් තුළ දෙවරක් පෙනී සිටීමයි. එවිට පද දැකම උක්ත රූපයෙන් තබා උක්තයට අනුව අවසාන ක්‍රියාව තබනු ලැබේ.

උදාහරණ - ලාංකිකයෝ කරුණාවන්ත සිත් ඇත්තෝ වෙති 

                        මම හොද ළමයෙක් වෙමි 

                        රාජ්‍ය නායකයෝ කපටි රජවරු වෙති

  • දෙනා දෙනෙක් යන උපකාරක පද වලට පූර්වයෙන් උක්ත බහුවචන පදයක් යෙදීය යුතුය. 

උදාහරණ - සිංහලයෝ වැඩි දෙනා බෞද්ධයෝ වෙති.

                     ගුරුවරු වැඩි දෙනෙක් ළමයින්ට හොඳින් සවන් දෙති.

                        ශිෂ්‍යයෝ වැඩිදෙනෙක් අභ්‍යාස නොකරති

  • දෙනා දෙනෙක් යන උපකාරක පද සමඟ අතර අතරින් වැනි නිපාත පද යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ. සංඛ්‍යා නාමයක් යෙදෙන විට ද මේ නීතිය එසේම ය.

උදාහරණ - පෙරහැරේ ගිය මිනිසන් අතරින් වැඩි දෙනෙක් පන්දම් කරුවෝ ය.

පාසල් ගිය සිසුන් අතර වැඩි දෙනා පාවහන් නොමැති දරුවෝ ය. 


  •  අවසාන ක්‍රියාව ලෙස ආශිර්වාද ක්‍රියාව යෙදෙන අවස්ථාවල දී එයින් කියවෙන පදය උක්ත රූප ගත යුතු ය.


උදාහරණ -  මම නිදුක් වෙම්වා

                        අපි නිදුක් වෙමුවා

                        තොපි සැප ලබහුවා

                        සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • තෙමේ, තොමෝ, තුමූ යන ශබ්ද උක්ත රූප සමග යෙදිය යුතුය. පුරුෂ ලිංග ඒක වචන සමග තෙමේ ද ස්ත්‍රී ලිංග ඒක වචන සමග තොමෝ ද ද්වී ලිංගයේම බහුවචන සමඟ තුමූ ද යෙදේ.

උදාහරණ - බමුණු තෙමේ යාගෙට යයි

                    බැමිණි තොමෝ යාගයට යන්නී ය 

                     බමුණෝ තුමූ යාගයට යති 

                    මහී කාන්තාවෝ තුමූ සසල වූහ 

  • හා, සහ, ද, ත් යන සමූහාර්ථවාචී නිපාත පදයකින් ප්‍රාණවාචී නාමපද කිහිපයක් ඈඳූ කල්හි අවසාන ක්‍රියාව තැබිය යුත්තේ අවසාන ක්‍රියාවට සමීපතම පුරුෂයේ බහු වචනයෙනි.

උදාහරණ - තාත්තා සහ අම්මා කුඹුරුට ගියහ 

                    අයියා ද අක්කා ද තෝ ද පොළට යහු 

                    ආචාර්යවරයා සහ මම පාසල් ගියෙමු  

  • නොහොත් නිපාතයෙන් දෙපස දැක්වෙන නාම පද එකිනෙකට අසම්බන්ධිත ය. අවසාන ක්‍රියාවට ආසන්නතම පදය උක්තය ලෙස තෝරා ගත යුතුය.

උදාහරණ - ගුරුතුමිය නොහොත් ළමයා ගී ගයයි. 

                    තාත්තා නොහොත් තෝ කුඹුරට යහි.

                    තාත්තා නොහොත් අපි ගමට ගියෙමු  

  • ප්‍රශ්නාර්ථවාචී ද නිපාතයෙන් ප්‍රාණවාචී නාම පදයක් සම්බන්ධ වන කල්හි උක්ත කර්තෘ රූප ගනියි.

උදාහරණ - මම හොඳ .ගුරුවරයෙක් ද?

                        අපි අවංක ළමයි ද?

                        සියලු සිංහලයෝ සැදැහැවත් බෞද්යෝ ද? 

  • එකම අයෙක් එකම වාක්‍යයක් තුළ විශේෂණ පද කිහිපයක් සමඟ පෙනී සිටින විට එම සියලු පද රූප ගනියි.

උදාහරණ - මගේ පාසලේ දරුවො අහිංසකයෝ ද, අවංකයෝ ද, හොඳ ශිෂ්‍යයෝ ද වෙති.

                        මගේ දයාබර ගුරු අම්මා කාරුණික මවක් ද, සොහොයුරියක් ද, මිතුරියක් ද,   හිතවතියක් ද, වූවා ය.

                        අසල්වැසියා කාරයෙක් ද, වංචනිකයෙක් ද, රැවටිලිකාරයෙක් ද, කම්මැලි කාරයෙක් ද, බොරුකාරයෙක් ද වේ.

  •  ආඛ්‍යාත පූර්ණය සඳහා ය නිපාතය යොදනු ලබන අවස්ථාවල දී උක්ත රූපය ලෙස ප්‍රථමා විභක්ති ප්‍රත්‍යයක් යෙදිය යුකුය.

උදාහරණ - අනාගත නායකයෝ ඔවුහු ය.

                        ඇය දක්ෂ නිළියක් ය.

                        ගුරුවරු දෙවිවරු ය.

  • වාක්‍ය මධ්‍යයෙහි කෝ, කොහි ද, කවරහුද, කෙහේ ද යන ප්‍රශ්නවාචී නිපාත පද යෙදෙන කල්හි එයින් කියවෙන නායක පදය උකත රූප ගනියි.

උදාහරණ - . මිනිස්සු කෝ ? ලෙනාඩ් වුල්ෆ් ඇසීය.

                    රැස්වීමේ ඡන්ද දායකයෝ කෙහේ ද? අපේක්ෂකයො ඇසූහ.

                    මේ බසයේ පැමිණි මගිහූ කවුරු ද?

  •  හෙවත් නිපාතයෙන් දෙපස දක්වනු ලබන්නේ එකම අයෙක් හෝ කණ්ඩායමක් හෝ බැවින් එකී පද දෙක ම උක්ත රූපයෙන් තැබිය යුතුය. අවසාන ක්‍රියාව සඳහා තෝරාගත යුත්තේ අවසාන ක්‍රියාවට සමීපතම පුරුෂයයි. 

උදාහරණ - ලොකු පුතා හෙවත් මම අපේ පවුලේ වැඩිම දුක් විඳි තැනැත්තා වෙමි.

                        මම හෙවත් ලොකු පුතා අපේ පවුලේ දුක් විඳි තැනැත්තා ය. 

                    බුද්ධදාස රජු හෙවත් වෙද රජු බොහෝ සතුන් සුව කළේය 

  • උධෘයක් හෙවත් උපුටා ගැනීමක් තුළ දක්වන වාක්‍ය කොටසක උක්තවන නාම පදය දෙවන වාක්‍ය අර්ධය තුළ පෙනී සිටින විට එමප දය ද උක්ත රූප ගනියි.

උදාහරණ - “මම විභාගය සමත් වෙමි” යි සඳගෝමී කිවා ය.

                        “අපි කුසලානය දිනමු” යි ක්‍රිඩකයෝ කීහ.

                        “මම ප්‍රධාන ශිෂ්‍යනායකයා වෙමි” යි හොටු පෙත්තා කීවේ ය. 

  • කාලාර්ථයේ හෝ අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියාවක් වාක්‍ය මධ්‍යයෙහි යෙදෙන විට ඊට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ.

උදාහරණ - දරුවන් පාදල් යද්දී දෙමාපියෝ රැකියාවට යති.

                    අප විභාගය සත් වුවහොත් නෑදෑයෝ සතුටු වෙති.

                    දෙමාපියෝ අහිමි වුවහොත් දරුවෝ අනාථ වෙති. 

  • ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් සහිත වාක්‍යවල ලවා නිපාතයට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදෙයි.

උදාහරණ - ගුරුවරු ශිෂ්‍යයන් ලවා වැඩ කරවති.

ඇමතිවරු නිලධාරීන් ලවා සිය අනුවණකම් දුරු කරවා ගනිති.

පොහොසත්තු කමකරුවන් ලවා පතල් කප්පවති. 

  • වාක්‍ය අවසානයෙහි අවිනිශ්චිතාර්ථයක් ගනු ලබන විට ඊට පූර්වයෙන් අනුකත පදයක් යෙදෙයි.

උදාහරණ - දරුවන් පාසල් යාවි.

                        රැසවීමට ඡන්ද දායකයන් පැමිණේවි.

                        මිනිසුන් අද වැඩට ඒවි.

  •  වාක්‍ය මධ්‍යයෙහි කෘදන්ත පදයක් යොදනු ලබන විට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ. 

උදාහරණ - ළමයින් පාඩම් කරන්නේ අඵීළිවෙළටයි.

                    දෙමාපියන් ආදර්ශ වන්නේ මහලු වියේ දී ය.

                    මා පාසලෙන් පිටවනවා දරුවො දුටුවෝ ය. 

  • ‘ව’ වීමේ ධාතුවෙන් සෑදෙන අතීත කෘදන්ත පද පූර්ව ක5ියා සහ වර්තමාන කෘදන්ත පදවලට පූර්වයෙන් යෙදෙන නාම පදය අනුක්ත විය යුතුය. (ව, වී, වූ, වන, වන්නේ)

උදාහරණ - නළුවෙකු වී ජනප්‍රියත්වයට පත් සුරේෂ් ගායකයෙකු ව විදේශ ගත විය.

                       ගීත රචකයෙකු වී සම්මාන දිනූ රත්න ශ්‍රි පසුව කවියෙකු ව සම්මාන දිනී ය.

                        ගායිකාවක වන දමිතා නළුවෙකු වූ දමිත් සමඟ විවාහ වූවාය. 

  •  ‘ව’ වීමේ ධාතුවෙන් සෑදෙන ක්‍රියා පද අවසාන ක්‍රියාවට යෙදෙන විට ඒවා උක්ත රූප ගනියි. (විය, වූහ, වෙයි, වන්නීය)
  • විනා, මුත්, මිස, හැර යන නිපාතවලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදේ. 

උදාහරණ - දරුවන් විනා දෙමාපයින්ට අන් සරණක් නැත. 

                        බෞද්ධයන් මිස කවුරු දන්සල් දෙත් ද?

                        අප මුත් පාසලට ආදරය කරන අය නැත. 

  • කරා, වෙත, ළඟ, කෙරෙහි, ගැන, පිළිබඳව, ඇතුළු, මත, පිට යන නිපාත පද වලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය.

උදාහරණ - පටාචාරාවෝ බුදුන් කරා එළඹ සෝවාන් වූහ.

                        කාන්තාවෝ නීතිඥ වෙත ගොස් දුක් කියති.

                        දෙමාපියෝ ඇතුළු ශිෂ්‍යයෝ සභාවට ගියහ.

  • හා, සහ, සමග, කැටුව, එක්ක, විසින් යන නිපාත පද වලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය 

උදාහරණ - මවක් දියණියක හා සිඟමන් යදියි 

                        කාන්තාවක් දරුවන් හා නික්ම ගියාය 

                        පියෙක් පුතුන් සහ කුඹුර කොටයි 

  • හා, සහ යන නිපාත පද කැටි කිරීම අර්ථය යෙදෙන විට උක්ත රූප යෙදේ.

උදාහරණ - ගුරුවරයෙක් හා ගුරුවරියක් ළමුන්ට උපදෙස් දුන්හ

දෙමාපියෝ සහ දරුවෝ ශ්‍රමදානයක් පැවැත්වූහ  

  • අරඹයා, උදෙසා, සඳහා, පිණිස, නිසා යන නිපාත පදවලට පූර්වයෙන් අනුක්ත පදයක් යෙදිය යුතුය. 

උදාහරණ - බුදුරජු භික්ෂුන් අරඹයා දෙසූ ජාතක කතා අපමණය. 

                    අනාථවූවන් සදහා ලබා දෙන ආහාර සලාක සමෘද්ධි නියාමකයෝ ගනිති.

                    අප නිසා අම්මා විඳි දුක් කෙසේ කියන්න ද? 

  • වෙනුවෙන්, වෙනවට, අනුව, ප්‍රමුඛ, ලෙෂ යන නිපාත පදවලට පූර්වයෙන් අනුකත පදයක් යෙදිය යුතුය. 

උදාහරණ - දරුවනි, දෙමාපියන් වෙනුවට ආදේශක නැත.

                    ආයතන ප්‍රධානීන් අනුව ම ක්‍රියා කළ අය නින්දාවට පත් විය. 

                    ඇමතිවරුන් ප්‍රමුඛ මන්ත්‍රිවරුන් රැස්වීමට එද්දී මිනිස්සු පශ්චාත් භාගය පෙන්වූහ. 

  •  එව්, අයුරු, මෙන්, සේ, වැනි, බඳු, විලස, වගේ යනාදී තුල්‍යාර්ථ නිපාත පද වලට පූර්වයෙන්  අනුක්ත පද යෙදේ.

උදාහරණ - දෙවියෙකු මෙන් පිහිට වූ ගුරුතුමා මගේ ජීවිතය බේරා ගත්තේ ය. 

                    වීරයන් මෙන් කතා කරන සමහරු ප්‍රශ්නවලදී නොදරුවන් මෙන් ක්‍රියාකරයි.

                    දෙවඟනක බඳු ගැහැනියක් යක්ෂණියක වන්නේ ඇසිල්ලකින් ය.

  •  මැනවි, මැන, යහපති, වැනි නිපාත පද වාක්‍ය අවසානයේ යෙදෙන විට කර්තෘ පදය අනුක්ත ය.

උදාහරණ - දුරින් වඩින්නේ බුදුන් නම් මැනවි.

                    මිහිඳු හිමියන් නැවත වඩින්නේ නම් මැනවි

                    සක් දෙවියන් වඩිනු මැන. 






Tuesday, July 23, 2019

සද්ධර්මරත්නාවලිය ගැන විද්වතුන් ඉදිරිපත් කර ඇති අදහස්


ඩී.බී. ජයතිලක ශ්‍රිමතාණන් - ගැමි සාහිත්‍ය  


බාහිර ඔපමට්ටම් වලින් ඔපවුණු පැෂන්කාර සමාජයකින් ගොඩනැගුණු අත්දැකීම් නොව චාන් නිවහල් ගති පැවතුම් ඇති සමාජයකින් නැගුනු සමාජ ධර්ම ඔබ තැකූ සේ ය. ජීවිත විශ්වවිද්‍යාලයේම ඉගෙන, එයින් ම ලත් අත්දැකීම් ඇතිව සමාජය තුළම සිට ඔවුන්ගේ ජීවිත ගැන ම කතා කළ උතුමෙකු සේ සැලකීම නිවැරදිය. භාෂා තත්ත්ව වියරණ ආදිය ගැන විමසන්නෙකු වුවද ඔබගේ ඇතැම් යෙදුම් බලා පස්සට විසි වනු ඇතැයි සිතමි. ඇතැම් තැන් බලා අනුරාගය නූපදවන්නේද නොවේ.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා - සිංහල සාහිත්‍යයේ නැගීම 


කවි ලැකිය මහත් කොට සැලකූ සිංහල ග‍්‍රන්ථකාරයෝ ලෙව් ලැකිය නොසැලකූහ. එහෙයින් සිංහල ගද්‍යයෙහි පමණක් නොව පද්‍යයෙහි ද ලෙව් ලැකියෙන් යුත් ගත් තොරතුරු හිඟ විය. කවි ලැකියාට වහල් වූ සිංහල කවීහු ලංකාවේ වටාපිටාව නුදුටු අන්ධයෝ වූහ. ලංකාවේ සමාජ තතු පවා, සිංහල කාව්‍යයෙහි පිළිබිඹු වන්නේ ඉතා කලාතුරකිනි. ධර්මසේන හිමියෝ කවි ලැකියෙන් නොව ලෙව් ලැකියෙන් පෝෂණය ලැබූ කවීත්වය ඇත්තෙක් වූහ.

ධර්මසේන ස්ථවිරයන් නඟරයෙහි නොව පිටිසර ඉපිද ජනයා අතරම ඇතිදැඩි වූ පිටිසරයෙකු විය යුතුය. සද්ධර්මරත්නාවලිය කියවන කල මා තුළ ඇතිවන හැඟීමකි. පුරාතනයෙහි නගරය හා පිටිසර අතර, මෙකල දක්නා ලැබෙන වෙනස් නොවුවද ධර්මසේනයන් පිටිසර ඉපිද පිටිසර ඇති දැනුම පමණක් නොව ඔවුන් අඟය කළ ඔවුන්ට ඇලූම් කළ ඔවුන්ගේ ව්‍යවහාරයෙන් පෝෂණය ලත් කවීත්වය ඇත්තකු යැයි මම සිතමි.

‘‘සද්ධර්මරත්නාවලියේ කතා වස්තූන් නිරන්තරයෙන් නව්‍ය ස්වරූපයක් ගනු ලබයි. වර්ණනයන් කරන්නට සිතූ තැන ධර්මසේන ස්ථවිරයෝ හැම විටම තමන් ඇසූ දුටු දේ උපමාවන් උදෙසා ඇද ගත්හ. කතා වස්තුවල පුරුෂයන් ද ස්ත‍්‍රීන් ද හැ`දින්වීමට තමන් දන්නා හ`දුනන ගැමියන් ද ගැමි ජීවිතය ද පිළිබ`ද තොරතුරු ඇද ගත්හ.’’



ධම්පියා අටුවා ගැටපදය

අනුරාධපුර යුගයෙහි රචිත කෘතීන් අතරින් අද ඉතිරිව ඇති වැදගත්ම ග්‍රන්ථය වනුයේ ධම්පියා අටුවා ගැට පදයයි. මේ පාලි ධම්මපදට්ඨ කථාවන්ට කළ අර්ථ විවරණයකි. නැතහොත් ගැඹුරු තැන් ලිහිල් කිරීමකි. එසේ වුවද මෙම ග්‍රන්ථයෙහි කිසිම තැනෙක කෘතියෙහි මේ නම සඳහන් නොවේ. පොතෙහි සඳහන් වන්නේ මෙය සන්න පොතක් වශයෙනි.

මෙම කෘතිය රචනා කරන ලද කාලය පිළිබඳව ද නිගමනයකට බැසීමට සිදුව ඇත්තේ එහි එන විවිධ සහේතුක සාධකයන් මතය. පොත අවසානයෙහි දෙබි සෙවැ ජා අභාසලමෙවන් කසුබ් මහ රජ්හු දම්පියා අටුවාවට කළ සන්න්‍යය යයි සඳහන් වන පාඨය මේ සඳහා තීරණයක් ගැනීමට ප්‍රබල සාධකයක් විය. ඉන් කියවුනේ දෙවරක් අභිෂේක ලද අබාසලමෙවන් කාශ්‍යප රජකු ගැනය. ඒ පස්වන කාශ්‍යප රජ බවට සැකයක් නැත. ඒ අනුව ධම්පියා අටුවා ගැට පදය පස්වන කාශ්‍යප රජුගේ කෘතියක් බව පිළිගැනේ.

මේ රජතුමා රජකළේ ක්‍රි.ව. 908 සිට 918 දක්වා කාලය තුළය. මෙකලට අයත් මෙතුමාගේම කෘතියක් වන අභයගිරි ශිලා ලිපියද මේ කරුණු තවදුරටත් සනාථ කරයි. අභයගිරි ශිලා ලිපියෙහි එන භාෂා ස්වරූපය, අක්ෂර වින්‍යාසය, ආදියත් මේ කෘතියෙහි එන යෙදුම් හා භාෂා ප්‍රයෝගත් සසඳනවිට ඉතාම සමීප සම්බන්ධයක් පෙනෙයි. මේ හැරුණු විට අපේ වංශකතාව වන මහාවංශය අනුවද පස්වන කාශ්‍යප රජතුමා බහුශ්‍රැත පඬිවරයෙකි. ගත් කතුවරයෙකි. මේ සාධක සියල්ල එක්කළ අපේ විද්වතුන්ගේ පිළිගැනීම අනුව ධම්පියා අටුවා ගැටපදය නියතයෙන් ම පස්වන කාශ්‍යප රජුගේ කෘතියකි. කර්තෘ පිළිබඳ ප්‍රශ්නය එසේ නිමා වෙයි.

ධම්මපදට්ඨ කථාවේ අර්ථ විස්තර කිරීම පරමාර්ථ කොට ගත් කෘතියක් වුවද මෙය ඊටත් වඩා වැදගත් වනුයේ සිංහල භාෂාවේ සංවර්ධන ස්වරූපය, හැඩ ගැස්ම ඉන් පිළිබිඹු වන බැවිනි. මෙකල එනම්, දහවන සියවස සංස්කෘත භාවිතය මෙහි වුවද මෙම කෘතියෙහි බොහෝවිට යෙදී ඇත්තේ පාලි තත්සම පදයන් ය. සමහර තැනෙක සංස්කෘත පද එතත් එකොළොස්වන දොළොස්වන සියවස්වල රචිත කෘතීන්හි මෙන් සංස්කෘත බලපෑමක් මෙහි දක්නට නැත.

එසේම මෙහි සමහර තැන්වල අර්ථ දක්වා ඇත්තේ පාළියෙන්ම ය. නිදසුන් වශයෙන් දැක්වුවහොත් පකට්ඨාය ආසන්නයාය, සීලවිපත්ති සීලභෙදං, සීල විනාසංවැනි තැන් දැක්විය හැක. තවත් අවස්ථාවන්හි දී පාලියෙන් පදගතාර්ථය දක්වා එය සිංහල භාෂාවෙන් විස්තර කළ තැන්ද ;ව්. තවත් සමහර විට පාළි සිංහල භාෂා දෙකින්ම අර්ථ විග්‍රහ කර ඇත. කථා වස්තූන්ට නම් ඉදිරිපත් කිරීමේ දී මේ දෙයාකාරයම අනුගමනය කර ඇත. කොසඹෑවත, මහාකාල තෙරුන්වන්වැනි හුදුහෙළ නාමයන් මෙන්ම මට්ටකුණ්ඩලී වස්තු, කාලි යඛිකිනියා වත්ථු, වැනි පාලියෙන්ම දැක්වූ නාමයන්ද වෙයි. මෙහි එන භාෂා ප්‍රයෝගයන් හැදෑරීම සිංහල භාෂාවෙහි ඉතිහාසයට විශිෂ්ටතම ආලෝක ධාරාවකි.

වාග් විද්‍යාත්මක වශයෙන් විශිෂ්ටත්වයක් ගන්නා මෙම කෘතිය භාෂා ශාස්ත්‍ර හදාරන්නවුන්ට මහඟු ආලෝකයකි.

Monday, July 22, 2019

සද්ධර්මරත්නාවලිය සඳහා පාදක කරගත් ග්‍රන්ථ

ධම්මපදය

ධම්මපදය යනු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි . ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. ධම්මපද යනු ධර්ම පාඨ ඇතුළත් කාව්‍යමය ලක්ෂණවලින් යුතු ථෙරවාදී බුද්ධාගමේ ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කෘතියකි. මෙය ඛුද්දක නිකායෙහි අන්තර්ගතය. බොහෝ ගාථාවන් ධර්ම කරුණු හා සම්බන්ධය. පාලි ධර්ම ග්‍රන්ථයන්හි කොටස්වල ගාථාවලින් භාගයක් පමණ දක්නට ලැබෙන්නේ වුවද, ධම්මපද යනු සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසකි. හතරවැනි හෝ පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇත. එහි ගාථාවල අර්ථය පැහැදිලි කරන කථා 305 ක් අඩංගු වේ. ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මුද්‍රණය වුවද වෙනත් භාෂා අනුවාද ද ඇත.

  • ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය.
  • ලෝකෝත්තරවාද අනුවාදයක කොටස්.
  • පැට්නා ධර්මපද නමින් හැඳින්වෙන බෞද්ධ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් කරන ලද සම්මතිය අනුවාදය.
  • උදාන වර්ග වශයෙන් දන්නා මූල - ශ්‍රාවස්තිවාද ග්‍රන්ථවලට සම්බන්ධයයි.
  • සංස්කෘත අනුවාද තුනක්
  • ටිබෙට් පරිවර්තනයක්.මෙය ටිබෙට් සාම්ප්‍රදායික බුදු දහමෙහි ජනප්‍රියව පවතී.
  • චීන කෘතීන් 4 ක් - ෆජ්යු ජින් යනුවෙන් නම් කර ඇත. මෙයින් එකක් පාලි අනුවාදයෙහි විශාල කරන ලද පරිවර්තනයක් බව පෙනේ. මෙය සාම්ප්‍රදායික වශයෙන් ජනප්‍රිය වී නැත

ධම්මපදයේ සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල ගාථා සතානි චත්තාරි තෙ වීස ච පුනා පරෙ යන්නෙන් පෙනේ. එහෙත් පස්වැනි කාශ්‍යප රජුගේ (ව්‍යවහාරික වර්ෂ 913) දම්පියා අටුවා ගැටපදයේ ඇත්තේ ගාථා 422 කි. මෙහි එන පාද සයේ ගාථාවල පේලි හුවමාරු වීමෙන් මෙසේ වුණි යැයි මතයක් පවතී. සියම් හා මරම්ම පොත් අනුවද ගැණෙන්නේ ගාථා 422 කි. පස්වැනි කාශ්‍යප රජුට අනුව ගාථාවන්ගේ අර්ථෝප්පත්ති කතා ඇත්තේ 300 කි. පඤ්චාධිකානි තීණි වත්ථු සතානි ලෙස බුරුම ධම්මපද නිගමන වලින් කතා 305 ක් ඇති බවක් කියැවෙයි. ලංකාවේ ධම්මපදට්ඨකථා නිගමනයේ සඳහන් වන්නේ කතා 304 කි. එකුණානි තීණි වත්ථු සතානි යනුවෙන් එහි සඳහන් වේ. වම්බටුවැවේ ධර්මකීර්ති ශ්‍රී ශ්‍රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්‍රදීපය ග්‍රන්ථයේද මෙසේ සඳහන් වේ. පාලි ධම්මපදයෙහි ගාථා 423 ක් ඇතුළත් වේ. පරිච්ඡේද 26 කි. ඒවා පාලි භාෂාවෙන් පහත පරිදි වේ.

  1. යමක වග්ග - යුගල වර්ගය
  2. අප්පමාදවග්ග - අප්‍රමාද බව
  3. චිත්තවග්ග - සිතිවිලි
  4. පුෂ්ඵ වග්ග - මල්
  5. බාල වග්ග - මෝඩ
  6. පණ්ඩිත වග්ග - ඥාණවන්ත
  7. අරහන්ත වග්ග - පූජනීය
  8. සහස්ස වග්ග - දහස්
  9. පාප වග්ග - පව
  10. දණ්ඩ වග්ග - දඬුවම්
  11. ජරා වග්ග - මහලු
  12. අත්ථ වග්ග - තමාම
  13. ලෝක වග්ග - ලෝකය
  14. බුද්ධ වග්ග - බුදුන් 
  15. සුඛ වග්ග - සැප
  16. පිය වග්ග - සතුට
  17. කෝධ වග්ග - තරහ
  18. ධම්ම වග්ග - යුක්තිය
  19. මාග්ග වග්ග - මාර්ගය
  20. පකීර්ණක වග්ග - විවිධ
  21. නිරය වග්ග - අපාය
  22. නාග වග්ග - ඇතා
  23. භික්ඛු වග්ග - භික්ෂූන්
  24. බ්‍රාහ්මණ වග්ග - බමුණන්
අනෙක් ග්‍රන්ථ ඉදිරියේ දී බලාපොරොත්තු වන්න..


සද්ධර්මරත්නාවලිය

ලංකාවේ බෞද්ධ සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ මහින්දාගමනයත් සමගයි. ඒ සමග බිහි වූ සියලූම සාහිත්‍ය ග‍්‍රන්ථයන් බුදුදහම ඇසුරින් බිහි වූ බව පෙනෙන්නට තිබෙන කරුණකි. සියලූම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලන කටයුතු පවා ගොඩ නැගුණි.

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහල බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ අතරින් ඉතිරිව ඇති ගද්‍ය සාහිත්‍ය කෘති අතළොස්සකි. අනුරාධපුර යුගයෙන් ඇරඹෙන සංස්කෘතික හා ජාතික පුනරුදය සමතැන්හි තැබීමට පවා සන්සන්දනය කිරීමට තරම්වත් සංස්කෘතික ප‍්‍රබෝධයක් ලෝකයේ ඇතිව නොමැති බව ලාංකේය සාහිත්‍ය විචාරකයන් පෙන්වා දෙයි. ඒ සියලූ සාධනීය ජයග‍්‍රහණයන් පාදක වූයේ බුදුදහමයි. පොළොන්නරු යුගයට සංක‍්‍රමණය වීමත් සමග සොළී ආක‍්‍රමණ හේතුවෙන් විනාශයට පත් වී ඇත. නැවත වරක් බෞද්ධ සංස්කෘතික ප‍්‍රබෝධයක් ගොඩනැගෙන්නේ දඹදෙණි යුගයේ ය. දඹදෙණි සාහිත්‍ය වංශයෙහි සාහිත්‍ය කෘති රාශියක් බිහිවිය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ් දඹදෙණි යුගයේ දී ය. සිංහල සාහිත්‍ය වංශයෙහි විවිධත්වයෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් බිහිවූයේ දඹදෙණි යුගයේ දී ය.

දඹදෙණි යුගයේ රචනා කරන ලද සාහිත්‍ය කෘති අතරින් පූජාවලිය, සද්ධර්මරත්නාවලිය. වැනි සාහිත්‍ය ග‍්‍රන්ථයන් ප‍්‍රමුඛත්වයක් ගනී. කවි සිළුමිණ නම් වූ මහා කාව්‍ය ද සිදත් සගරාව වැනි සිංහල ව්‍යාකරණ ග‍්‍රන්ථ ද එළු සඳැස් ලකුණ වැනි සිංහල පාලි මුසු වූ ග‍්‍රන්ථයන් ද, ඡුන්දස් ග‍්‍රන්ථ ද, ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි සන්නස් ග‍්‍රන්ථ ද සාහිත්‍යයට එක් වීම ද , පූජාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම ද බොදු සංස්කෘතික පුනරුදය නිසාම බිහි වන්ට ඇතැයි නිගමනය කළ හැකි ය.

දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලිය මෙරට පහළ වූ සුවිශිෂ්ඨ බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්මපදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට ධම්පදයේ අටුවාවන්ට විවරණ සැපයීමට රචිත පාලි ධම්මපදට්ඨ කතාව ගුරූපදේශ කරගත් මුත් පාලි ක‍්‍රම අතහැර දෙසට බසට, එක ලෙස මැනවින් ගෝචර වන ආකාරයෙන් සද්ධර්ම රත්නාවලියේ කතාවස්තු පෙළ තබා ඇත.  ඒ අනුව හරකබාන සරිකරගනිමින් අඹු දරුවන් පෝෂණය කරමින් ලෞකික ජීවිතයේ ආශාවන් පොඳි බැඳගත් ගැමියනට නිර්වාණ අවබෝධය පසක් කරගනු වස් පින්දහම් රැුස් කිරීමේ වැදගත්කම සද්ධර්මරත්නාවලියේ කතාවස්තු මගින් කියාපෑමට ඉඩහසර වෙන් කර ඇත. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට මූලික වූ පරමාර්ථයන් උන්වහන්සේ මෙසේ දක්වා තිබේ.

සද්ධම්මඨති මිච්ඡුන්තෝ
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධර්ම රතනංවලිං

සද්ධර්මයාගේ පැවැත්ම උදෙසා, ධර්සේන යතිවරයාණන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කළ බව මින් විද්‍යමාන කරවයි. සිංහල සාහිත්‍ය නැමති රත්නාකරයෙහි අතිශය දීප්තියෙන් බබළන මාණික්‍යයක් වැනි වූ සද්ධර්මරත්නාවලිය සිංහල සාහිත්‍යයට තාරුකා වැනි ග‍්‍රන්ථ රැුසක් සම්පාදනය විය.
 නිවන්මග අවබෝධ කරගැනීමට පින්දම් රැුස්කරන දනන්ගේ හිතසුව පිණිස නිවන් මාර්ගය කරා ගමන් කිරීමට අත්වැලක් සැපයීමට සද්ධර්මරත්නාවලියෙන් උත්සාහ දරා ඇත.

සද්+ධර්ම+රත්න+ආවලිය

සද් යනු යහපත්යන්නයි. ධර්මය යනු බුදුරජුන් දේශනා කළ දේශනාවන් ය. රත්න යනු මැණික්යන්නයි. ආවලිය යනු වැලයන්නයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය යනු සදහම් නැමති මිණිකැට අමුණන ලද මාලය යන්නයි. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමෙන් උන් වහන්සේ බලාපොරොත්තු වූයේ හුදී ජනයාගේ පහන් හැගීම් ජනිත කිරීමයි.

යම් කෙනෙකුන් නුවණ මදවත් කුසලඡුන්දය ඇතිව බණදැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් ප‍්‍රබන්ධය රචනා කරම්හ
සද්ධර්මරත්නාවලිය රචනා රචනා කිරීමේ දී උන්වහන්සේගේ එකම පරමාර්ථය බවට නිවන් අවබෝධ පිිණිස එය තෝතැන්නක් බවට පත් කරවීමයි. කුසල් වැඞීමට සද්ධර්මරත්නාවලිය හේතු වන බව උන්වහන්සේ දක්වා ඇත. ලෞකික දියුණුවෙන් ඔබ්බට ලෝකෝත්තර සුබසිද්ධිය උදාකරවනු පිණිස සද්ධර්මරත්නාවලිය හේතු පාදක වෙයි.

 ” නිවන්මගට යන ගමනේදී කුසල් මද සැදැහැතියනට පින්පෙත් රැුස්කර ගනුවත් එසේ වූ සත්පුරුෂයන් සඳහා සද්ධර්මරත්නාවලි නම් ප‍්‍රබන්ධය කරම්හ.

යනුවෙන් සද්ධර්මරත්නාවලිය නිවන් මාර්ගය සපල කර ගැනීමට පොදු ජනයාට අත්වැලක් සපයනු වස් රචනා වූ බෞද්ධ ධර්ම අත්පොත ලෙස සඳහන් කර තිබේ. භවාන්තර ඥානයෙන් පෝෂිත නොවුණු සාමාන්‍ය මහජනයාගේ අවශ්‍යතාවන් සපුරාලනු පිණිස නැවතවරක් පාලි කතාපුවත් සිංහලෙන් කීමට අවශ්‍ය විය. එම නිසාම ජනතාවට රසවිඳීමට හැකි ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීම අපේක්ෂා කළ බව කතුවර ධර්මසේන හිමියන් සඳහන් කර තිබුණි. ආශි‍්‍රත ග‍්‍රන්ථ සද්ධරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියෝ ප‍්‍රධාන වශයෙන් ධම්මපද කතාව ද අප‍්‍රධාන වශයෙන් මිලිඳු නාගසේන කතා පුවත් ද, මිලින්ද පඥ්ඥහ, සුත්තනිපාත, අට්ඨක කතා ආදිය ආශ‍්‍රය කොටගෙන රචනා කිරීම. පාළි ක‍්‍රම අතහැර අර්ථ පමණක් ගෙන අප කළා වූ මේ ප‍්‍රබන්ධයෙහි ක‍්‍රමවල අඩුවැඩිතැන් ඇතත් එය නොසකා......කුසල් මාවතකට බැස නිවන්පුරයට සුවයෙන් යායුතු...
ග‍්‍රන්ථනාමයේ කතාවස්තු සියල්ලක්ම රත්න හෙවත් මැණික් ලෙසට කතුවරයා සලකා තිබීම...

අර්ථවිග‍්‍රහය ග‍්‍රන්ථය තනන ලද්දේ රන්හුයක් කොට ගෙනය. මේ ග‍්‍රන්ථයෙහි කතාකරුවන් ඇමිණූ නිසා සද්ධර්මරත්නාවලිය බවට පත්වීම.
ධර්මසේන හිමියන් මැති ඇමතිවරුන්ගේ වන්දිභටයෙකු නොවූ බවත් සරල චාම් ජීවිතයක් ගතකරමින් ගැමියන් සමග දුකසැප බෙදාගනිමින් ජීවත් වූූ කරුණාවෙන් බරිත හදවතක් ඇති කෙනෙකු වූ බවත් කිව හැකි ය.
මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ධර්මසේන හිමියන් ගැන මෙසේ පවසා ඇත.

 සද්ධර්මරත්නාවලිය ධර්මසේන ස්ථවිරයෝ ගැමියන් අතරට මුල්බැස ඔවුන් හා එක්ව දොඩමින් සිනාසෙමින් දිවිපෙවෙත හිසින්ගත් බරක් මෙන් නොව හිස සරසනාවක් මෙන් සලකමින් ජීවත් වූ ප‍්‍රියවාදියෙකි.

සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී සංඥා සංකේත ඇසුරෙන් කතාවස්තු ඉදිරිපත් කර ඇත. ඒ අනුව භාෂාව භාවිතා කළ ආකාරය ,උපමාරූපක භාවිතා කළ ආකාරය,ආරම්භයේ දී අන්තර්ගතය පිළිබඳ ඉගියක් ලබාදීම,උපහාසය හා හාස්‍ය මුසුකර ගැනීම, පිරුළු භාවිතා කිරීම, නාට්‍යොත්චිත අවස්ථා බහුල වශයෙන් භාවිතා කිරීම, සෑම කතාවස්තුවකම අවසානයේ ධර්මෝපදේශයක් ලබාදීම, ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ ඇති සුවිශේෂත්වයයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය පුරාම සංඥාර්ථවේදී ලක්ෂණ මැනවින් ඉස්මතු වෙයි. සංඥාර්ථවේදය යනුවෙන් හඳුන්වන්නේ සංඥා සංකේත භාවිතා කිරීමයි. රූපමය සංඥා හා භාෂාමය සංඥා යන සංඥා වර්ග දෙකක් පැවතිය ද සද්ධර්මරත්නාවලිය මගින් භාෂාව භාවිතා කරමින් යතිවර ධර්මසේන හිමි අපූරු රසයක් එක් කිරීමට සමත් වී ඇත. සංඥාර්ථවේදය ස්වභාවිත සංඥා හා අර්ථ සංඥා ඔස්සේ පුරාතන යුගයේ හා මධ්‍යයතන යුගයේ පැතිරී ගිය එකකි. සද්ධර්මරත්නාවලියේ සංඥාර්ථවේදී ලක්ෂණ සෑම කතා වස්තුවකම පාහේ දැකගත හැකිය. භාෂාව හා සංකේත භාවිතා කරමින් කතාවස්තු වල සංඥාර්ථවේදී ලක්ෂණ ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත.

දඹදෙණි යුගයේ ජීවත් වූ ගැමි ජනතාවගේ සිතුම් පැතුම් මැනවින් අවබෝධ කරගත් ධර්මසේන හිමි ගැමි සමාජයට උචිත අන්දමින් සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත. සංඥාර්ථ හඳුනාගැනීමේ දී ඒ ඒ සමාජවල චින්තන රටාවන් සමාජීය රටාවන් බලපායි. වචන නැමති සාධකය  ඒ සඳහා හේතු වී ඇත. සමකාලීන ගැමිජන විඥානයට සමීප වන ආකාරයට සද්ධර්මරත්නාවලියේ කතාවස්තු පෙළතබා ඇත. වර්තමාන කතාවට අතීත කතාව සම්බන්ධ කරමින් ධර්මසේන හිමියන් කතාවස්තු ගැමිජනතාවට මැනවින් අවබෝධ වන ආකාරයෙන් රචනා කොට ඇත.

Sunday, July 21, 2019


දඹදෙණි යුගය

සිංහල සාහිත්‍යයේ ආරම්භය අවුරුදු දේ දෙදහසකට   වඩා පැරණි ඉතිහාසයකින් යුක්තව පවතී. ඒ දීර්ඝ කාලය යුග වශයෙන් ගත් කල ප්‍රධාන යුග තුනකි.
  1. පුරුරාතන යුගය
  2. මධ්‍යතන යුගය
  3. නූතන යුගය

මෙම යුගයය රාජධානි ව වශයෙන් ගත්කල අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, ගම්පොල ජයවර්ධනපුර කෝට්ටේ, සීතාවක, සෙංකඩගල හෙවත් මහනුවර හා කොළඹ ලෙස වර්ග කළ හැකිය. එහිදී අනුරාධපුර කාලය පුරාතන යුගයට ද, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සීතාවක හා මහනුවර පූර්ව භාගය වූ සෙංකඩගල කාලය මධ්‍යතන යුගයට ද, මහනුවර පශ්චිම භාගය හා කොළඹ කාලය නූතන යුගයට ද, ඇතුළත් වේ. ඒ අතරින් මධ්‍යතන යුගයට අයත් දඹදෙණි කාලයේ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරේ.


දඹදෙණි කාලය (ක්‍රි.ව.1200 - 1283)


රජවරු:
  • තුන්වන විජයබාහු (ක්‍රි.ව.1220 - 1224)
  • දෙවන පරාක් පරාක්‍රමබාහු (ක්‍රි.ව.12251269)
  • හතරවන විජයබාහු (ක්‍රි.ව. 12701272)
  • පලවන බුවනෙක බාහු (ක්‍රි.ව. 1272 1283)

මහා පැරකුම්බා රජු (ක්‍රිස්තු වර්ෂ 1153 1186) ගොඩ ගොඩනැඟූ පොළොන්නරු රාජධානියේ ශ්‍රී විභූතිය ඒ රජුත් සමඟ අතුරුදහන් වන්නට පටන් ගත්තේ ය. ඊට හේතු වූ ප්‍රධාන කරුණ බහු නායකත්වයට ඉඩ ලැබී යෑමයි. එහෙයින් රජකමට හිමිකම ඇතිව සිටි නායකයෝ පොර කන්නට පටන් ගත්හ. රට ඇතුළේ කලබල වැඩිවී සමගි  සම්පන්නකම මුළුමනින්ම නැතිවී ගොස් පරසතුරන්ට  නැවත වරක් රාජ්‍ය අත්කර ගැනීමට ඉඩකඩ පෑදී ආවේය. එහි විපාක වශයෙන් මහ පැරකුම්බා රජය නැතිවී වැඩි කලක් ඉක්මනට පළමු ද්‍රවිඩයෝ ලංකා රාජ්‍ය අල්ලා අල්ලා ගත්හ.  පුරා විසි වසකට අධික ව පැවති කාළිංග මාඝ රාජ්‍ය යුගයේදී සිංහල පිරිසට පොළොන්නරුව අතහැර යන්නට සිදුවිය. එහෙයින්  එවක ඉන්  කලකට පෙර පොළොන්නරුව පිළිබිඹු කළ ශ්‍රී විභූතිය නැත්තටම නැතිව ගියේය. වියත් මහ සඟුන් රට හැර ගිය අතර ප්‍රභූ සිංහලයෝ ද්‍රවිඩයන්ට හසුනොවන තැන් කරා ගොස් සැඟව ගත්ත. කි‍්‍ර.ව. 1215 දී කාලිංඝ මාඝ නම් දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයා පොළොන්නරු රාජධානියේ බලය අල්ලාගැනීමත් සමඟ මාඝගේ කුරිරු මර්ධනකාරී ප‍්‍රතිපත්තිය නිසා පීඩාවට පත් රජරට රාජකීයන, ප‍්‍රභූන් සහ ජනතාව නිරිත දිගට සංක‍්‍රමණය වී ඒ ඒ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය පාලන ඒකක පිහිටුවමින් නැවත සිංහල උරුමය ලබාගැනීමට උත්සාහ දරා ඇති බව වංශකතාවලින් හෙළිවේ.

අනාගතය ගැන බලාපොරොත්තු ඇතිව සිටි සිංහල ප්‍රභූන් කිහිප දෙනා අතර විජය බව ප්‍රසිද්ධ කෙනෙක් විය. සිරිසඟබෝ රජ පෙළපතින් පැවත එන බව කියන මේ මාඝ ආක්‍රමණය යුගයේදී වනගත ව සිට පසුව වන්නියේ රජ බවට පැමිණ මායා රටේ සිංහල ප්‍රධානීන් එකමුතු කර ඒ ප්‍රදේශයේ දෙමළ ප්‍රධානීන් පන්නා හැර දඹදෙණි පව්ව මත එහි රාජධානියක් ඉදිකරගෙන ප්‍රසිද්ධ රජකු මෙන් වාසය කළේය. ලංකා ඉතිහාසයෙහි තුන්වන විජයබාහු (ක්‍රි.ව. 1220 1024) යනුවෙන් හැඳින්වෙන්නේ මේ රජතුමායි. (මෙතුමා කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ හා පාත‍්‍රා ධාතූන් වහන්සේ වැඩමවාගෙන වුත් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ, බෙලිගල පර්වත මුදුනේ දළදා මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලද බවද දඹදෙණිය අගනුවර තමන්ගේ නාමයෙන් විජයසුන්දරාරාමය නම් විහාරයක් කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ.)

මේ කාලයේදී නැවත පොලොන්නරුවේ රාජ්‍යයක් ගැන සිත යොමු නොකළ විජයබා රජ ජාතිය දළදා පාද වස්තු දෙකත් උගත් භික්ෂුන් වහන්සේත් ප්‍රභූ ජනයාත් කොත්මලෙන් දඹදෙණියට ගෙන්වා ගත්තේය. පැරණි  සිංහල රාජ්‍යය පැවති අංගෝපාංග නොඅඩුව ඇති කරවා විජයබා රජ මේ දඹදෙණි නුවර ලංකාවේ රාජධානිය බවට පත්කරවීය. මේ වනාහි මායා රටෙහි ඇති වූ ප්‍රථම රාජධානියයි.  විජයබා ගොඩනැඟූ දඹදෙණි රාජධානිය සමෘද්ධිමත් කරවීමෙහි නම් ගත්තේ රජුගේ පුත්‍ර පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1224 1269) කලිකාල සාහිත්‍ය සර්වඥ යන උපාධි නාමයෙන් ඇතිව දෙවන පැරකුම්බා, දඹදෙණි පැරකුම්බා යන නම්වලින් ලංකා ඉතිහාසයේ ප්‍රකට ව පෙනෙන කෙනෙකි ඒ රජ. දෙතිස් වසක් නිරවුල්ව රජ කළ ඒ රජුගේ යුගය දඹදෙණියේ අනුස්මරණීය අවස්ථාව වෙයි.

පරිසර උවදුරුවලින් පොළොන්නරුවේ ශ්‍රී විභූතිය නැතිවී ගිය පසු ඉතා කෙටි කාලයක් තුළ ජාතිය පිළිබඳ පුදුමාකාර දියුණුවක් ඇති වූ යුගයක් හැටියට මේ වකවානුව ලංකා ඉතිහාසයෙහි පෙනේ. මේ දියුණුවේ පෙරමුණ ගෙන ක්‍රියාකළ දඹදෙණි පැරැකුම්බා රජු ඒ සඳහා ක්‍රියාත්මක කළ කරුණු කිහිපයක් වෙති. ඒවා නම්,
  • විරුද්ධව සිටි දෙමළ පිරිස් පලවාහැරීම
  • මිතුරුව සිටි දෙමළ පිරිස් සේවයට බඳවා ගැනීම
  • විදේශි ක රජවරු මිතුරු කර ගැනීම
  • රට ඇතුලේ නායකත්වය පතමින් ඒ ඒ තැන්වල සිටි සිංහල ප්‍රභූ නතුකර ගැනීම

මෙසේ රට නිදහස තබා ගැනීම නිසා අපේක්ෂා කළ තරම් ජාතික උන්නතියක් දඹදෙණි රාජ්‍ය යෙදී ඇති කරවීමට එරජුට පුළුවන්කම ලැබුණි.

දෙවන පැරකුම්බා රජු අවසාන  කාලයේදී රාජ්‍ය කටයුතු මහා සංඝයා හා රටවැසියාගේ අනුමැතිය ඇතිව තම පුත් විජයබාහු කුමරුට  පැවරීය.  මේ අවස්ථාව වන විට දඹදෙණි රාජ්‍යයට සතුරන්ගෙන් උවදුරු නොයෙක් පැතිවලින් එල්ල වී තිබුණු බව පෙනේ. අසනීපව සිටි පිය රජුත් දඹදෙණි රාජ්‍යයත් බලාගැනීමට පැරකුම්බා, විජයබා යන සහෝදරයන් දෙදෙනා ද දඹදෙණි රාජ්‍ය දකුණු ප්‍රදේශය ආරක්ෂාව සඳහා තිලෝකමල්ල කුමරු වත්තල ද උතුරු පෙදෙස් රැකබලාගැනීමට බුවනෙකබාහු කුමරු යාහපහුවේ ද රඳවා තෙමේ පොළොන්නරු රාජ්‍ය නැවත සකස් කර ගනු පිණිස සේනා සංවිධානය කළේය. ලංකාව ගනු පිණිස චන්ද්‍රභානු ප්‍රධාන ජාවක සේනාවක් මෙහි පැමිණියේ ඒ වෙලාවේ දීය. විජයබා රජු මහත්සේ යුද කොට ඔවුන් පලවා හැර පොලොන්නරු රාජ්‍ය ද නැවත යථාස්ථානයට පමුණුවා පියරජුත් දළදා පාදත් මහ පෙරහැරෙන් එහි පමුණුවා විසීය.

රජුගේ අභාවයෙන් පසු විජයබාහු රජුට දෙවසකට වඩා ජීවත් විය නොහැකි වීය. ඊට හේතුව විදේශීය උවදුරු වලටත් වඩා රට ඇතුළේ රාජ්‍ය පිළිබඳ නොසන්සුන්කම වැඩ වැඩි යාමයි. මිත්‍ර නම් සෙනෙවියා දාසයකු ලවා විජයබා රජු මැරවීය. අනතුරුව තමා රජු මෙන් දඹදෙණිය පෙනී සිටි නමුත් ඨකුරක නම් සෙන්පතියා විසින් ඔහු මරණ ලදී.  මේ කලබල වලින් පසු රට රැකීමෙහි නියුතුව සිටි සෙන් පිරිසෙ කැමැත්ත අනුව යාපහු නුවර සිටි බුවනෙකබාහු කුමරු දඹදෙණියේ රජ පැමිණි යේය. කලක් එහි විසූ ඒ රජ තමාට පුරුදු යාපහු නුවරට ගොස් එහි විසීය. යාපහුව මුල් වරට රාජධානියක් වූයේ මෙවිටය. එහෙත් මෙම පාලකයින් විසින් පිහිටුවාගන්නා ලද පාලන ඒකකවලින් වඩාත් ශක්තිමත් වන්නේ දඹදෙණිය මධ්‍යස්ථානයයි.