සද්ධර්මරත්නාවලිය ගැන විද්වතුන් ඉදිරිපත් කර ඇති අදහස්
ඩී.බී. ජයතිලක ශ්‍රිමතාණන් - ගැමි සාහිත්‍ය
”බාහිර ඔපමට්ටම් වලින් ඔපවුණු පැෂන්කාර සමාජයකින් ගොඩනැගුණු අත්දැකීම්
නොව චාන් නිවහල් ගති පැවතුම් ඇති සමාජයකින් නැගුනු සමාජ ධර්ම ඔබ තැකූ සේ ය. ජීවිත
විශ්වවිද්‍යාලයේම ඉගෙන, එයින් ම ලත් අත්දැකීම් ඇතිව සමාජය තුළම
සිට ඔවුන්ගේ ජීවිත ගැන ම කතා කළ උතුමෙකු සේ සැලකීම නිවැරදිය. භාෂා තත්ත්ව වියරණ
ආදිය ගැන විමසන්නෙකු වුවද ඔබගේ ඇතැම් යෙදුම් බලා පස්සට විසි වනු ඇතැයි සිතමි.
ඇතැම් තැන් බලා අනුරාගය නූපදවන්නේද නොවේ.”
මාර්ටින් වික‍්‍රමසිංහ මහතා - සිංහල සාහිත්‍යයේ නැගීම
”කවි ලැකිය මහත් කොට සැලකූ සිංහල ග‍්‍රන්ථකාරයෝ ලෙව් ලැකිය නොසැලකූහ.
එහෙයින් සිංහල ගද්‍යයෙහි පමණක් නොව පද්‍යයෙහි ද ලෙව් ලැකියෙන් යුත් ගත් තොරතුරු
හිඟ විය. කවි ලැකියාට වහල් වූ සිංහල කවීහු ලංකාවේ වටාපිටාව නුදුටු අන්ධයෝ වූහ.
ලංකාවේ සමාජ තතු පවා, සිංහල කාව්‍යයෙහි පිළිබිඹු වන්නේ ඉතා
කලාතුරකිනි. ධර්මසේන හිමියෝ කවි ලැකියෙන් නොව ලෙව් ලැකියෙන් පෝෂණය ලැබූ කවීත්වය
ඇත්තෙක් වූහ.”
”ධර්මසේන ස්ථවිරයන් නඟරයෙහි නොව පිටිසර ඉපිද ජනයා අතරම ඇතිදැඩි වූ
පිටිසරයෙකු විය යුතුය. සද්ධර්මරත්නාවලිය කියවන කල මා තුළ ඇතිවන හැඟීමකි.
පුරාතනයෙහි නගරය හා පිටිසර අතර, මෙකල දක්නා ලැබෙන වෙනස් නොවුවද
ධර්මසේනයන් පිටිසර ඉපිද පිටිසර ඇති දැනුම පමණක් නොව ඔවුන් අඟය කළ ඔවුන්ට ඇලූම් කළ
ඔවුන්ගේ ව්‍යවහාරයෙන් පෝෂණය ලත් කවීත්වය ඇත්තකු යැයි මම සිතමි.”
‘‘සද්ධර්මරත්නාවලියේ කතා වස්තූන් නිරන්තරයෙන් නව්‍ය ස්වරූපයක් ගනු
ලබයි. වර්ණනයන් කරන්නට සිතූ තැන ධර්මසේන ස්ථවිරයෝ හැම විටම තමන් ඇසූ දුටු දේ
උපමාවන් උදෙසා ඇද ගත්හ. කතා වස්තුවල පුරුෂයන් ද ස්ත‍්‍රීන් ද හැ`දින්වීමට තමන් දන්නා හ`දුනන ගැමියන් ද ගැමි ජීවිතය ද පිළිබ`ද තොරතුරු ඇද ගත්හ.’’
No comments:
Post a Comment